Last Update  :  2026-04-25 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට

මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට

editorial - 2026 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරය සදහා එහි හිටපු මහ ලේකම් රිෆ්ඩි ෆාමි මහතා වැඩි ඡන්ද හතරකින් තේරී පත් විය. එහිදී ඔහු ඡන්ද 17 ක් ලබන අතර ඊට ඉදිරිපත්ව සිටි සෙසු අපේක්ෂකයා වූ නිෂාන්ත පියසේන මහතා ඡන්ද 13 ක් ලැබීය. එහි නිල ඡන්ද ප්‍රතිපලය මීට මොහොතකට පෙර ප්‍රකාශයට පත් විය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස මෙවර නිලවරණයට ඉදිරිපත් වූ රිෆ්ඩි ෆාමි මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයට මීට පෙර පත් වුයේ මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ ඉවත් කිරීමෙන් පසුවය.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ධූර හතරට සරත් හේවාවිතාරණ, ඉක්බාල් බින් ඉෂාක්, ප්‍රීති විරාජ් පෙරේරා හා නිලූ ජයතිලක යන මහත්ම මහත්මීන් වැඩි ඡන්දයෙන් තේරී පත් විය.බින් ඉෂාක් මහතා හැරෙන්නට සෙසු අපේක්ෂකයෝ තිදෙනාම පැවැති විධායක සභාවේත් උප සභාපති ධූර දැරුවෝ වෙති.උප ලේකම් ධූරයට අස්මිත සංජය ගුණරත්න මහතා වැඩි ඡන්ද හයකින් තේරී පත් විය.


අදහස් (0)

මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.