වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපිරි ලීගයේදී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම විසින් පිරිමි ශූරතාව දිනාගන්නා ලදි. මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායමත් එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.
අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම පරාජය කරමින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සුපිරි ලීගයේ පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම එච්. ඉෂාන් විමර්ශන සම්මාන දිනා ගත්තේය.
මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායම කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් කණ්ඩායම පරාජය කරමිනි. මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායමේ තක්ෂිලා මධුරංගි එහිදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
තරගාවලියේ II වැනි කාණ්ඩයේ පිරිමි ශූරතාව පොලොන්නරුව බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමත්, කාන්තා ශූරතාව මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායමත් විසින් දිනාගන්නා ලදි.
කටුනායක බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලූෂන් කණ්ඩායම තෙවැනි කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් අතර ඔමේගා ලයින් කණ්ඩායම කාන්තා ශූරතාවට හිමිකම් කීවේය.
|
|
තරග ප්‍රතිඵල
සුපිරි ලීගයේ පිරිමි
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම පරාජය කරන ලදි. (22/25, 29/27, 25/15, 25/17)
සුපිරි ලීගයේ කාන්තා
මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් කණ්ඩායම පරාජය කරන ලදි. (25/12, 25/10, 21/25, 25/12)
දෙවැනි කාණ්ඩය පිරිමි
පොලොන්නරුව බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස කෝටෝල්ඞ්ස් ක්ලෝතින් ලංකා කණ්ඩායම පරාජය කරන ලදි. (25/20, 22/25, 25/22, 25/20)
දෙවැනි කාණ්ඩය කාන්තා
මාස් ඉන්ටිමේට් කැෂුවලයින් කණ්ඩායම විසින් තරග වට 3-0 ක් ලෙස වෝග්ටෙක්ස් කණ්ඩායම පරාජය කරන ලදි. (25/19, 25/23, 25/20)
තෙවැනි කාණ්ඩය පිරිමි
කටුනායක බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලූෂන් කණ්ඩායම විසින් තරග වට 3-2 ක් ලෙස ඬේවිඞ් පීරිස් කණ්ඩායම පරාජය කරන ලදි. (22/25, 25/21, 23/25, 25/19, 17/15)
තෙවැනි කාණ්ඩය කාන්තා
ඔමේගා ලයින් කණ්ඩායම විසින් තරග වට 3-0 ක් ලෙස මැලිබන් බිස්කට් කණ්ඩායම පරාජය කරන ලදි. (25/17, 25/16, 25/11)
වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ උණුසුම් අවස්ථා...
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.