Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket බණ්ඩාරගම මැදි විදුහල පිළිමළුන් පිටුදැකීමේ වටයට

බණ්ඩාරගම මැදි විදුහල පිළිමළුන් පිටුදැකීමේ වටයට

editorial - 2023 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 15 න් පහල III වැනි  කොටසේ තරගාවලියේදී බණ්ඩාරගම මැදි විදුහල්   කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිස සිටී.

බණ්ඩාරගම මැදි විදුහල පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිස සිටින්නේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වැනි වතාවටය.  15 න් පහල III වැනි කොටසේ තරගාවලිය සඳහා කණ්ඩායම් 523 ක් සහභාගි වන අතර පිළිමළුන් පිටුදැකීමේ වටයට තෝරා ගන්නේ කණ්ඩායම් 32 ක් පමණි.  

බණ්ඩාරගම මැදි විදුහල වෙනුවෙන් ක්‍රීඩා කරන දකුණත් පිතිකරු උදාර ධනංජය සහ වමතින් දඟ පන්දු යවන මෙවිඳු පැහැසර මෙම පාසල් ක්‍රිකට් වාරයේදී සාර්ථක දස්කම් දක්වමින් විද්‍යාලයීය කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ වටයට ගෙන ගියහ. තරගාවලියේ තරග 8 ක් නිමාවේදී මෙවිඳු පැහැසර කඩුලු 67 ක් දවාගෙන සිටී. කණ්ඩායමේ උපනායකයා වන උදාර ධනංජය, තරග 8 ක් අවසානයේදී ඉනිමකදී 62.40 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 624 ක් ලබාගැනීමට සමත්ව ඇත.

පානදුර බෞද්ධාලෝක විදුහලට එරෙහිව පැවති මූලික වටයේ තරගයකින්  ඉනිමක සහ ලකුණු 192 ක ජයක් ලබාගත් බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් මෙවිඳු පැහැසර කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර පිට පිට පිටම පන්දු හතරකින් කඩුළු 4 ක්‌ දවාගනිමින් ඉනිම දෙකේදීම කඩුළු 12 ක්‌ දවාගත්තේය. එම තරගයේදීම දකුණත් පිතිකරු උදාර ධනංජය පන්දු 64 කින් ලකුණු 142 ක් ලබාගත්තේ  6 පහර 11 ක් සහ 4 පහර 14 ක්‌ තම ඉනිමට ඇතුළත් කරමිනි. උදාර ධනංජය, දකුණතින් පිට දඟ පන්දු යවමින්, මෙම තරගයේදීම ලකුණු 32 කට කඩුළු 6 ක් දවාගත්තේය.

 

බණ්ඩාරගම මැදි විදුහල  පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ට 291 යි.     
(උදාර ධනංජය 142, අනුද නෙත්සර 49, කලීප පංචාල 29, නිශාන් දිනුජය 19, තිලිණ දේශාන් 70/6)

පානදුර බෞද්ධාලෝක විදුහල - පළමු ඉනිම ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 47
(මෙවිඳු පැහැසර 15/7, උදාර ධනංජය 07/2)

පානදුර බෞද්ධාලෝක විදුහල - දෙවන ඉනිම ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 52 යි
(ගගන චාමික 27, මෙවිඳු පැහැසර 21/5, උදාර ධනංජය 25/4)


අදහස් (0)

බණ්ඩාරගම මැදි විදුහල පිළිමළුන් පිටුදැකීමේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.