Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලකුණක්වත් නොදුන් රොමාලියාගෙන් කඩුලු 7 ක්

ලකුණක්වත් නොදුන් රොමාලියාගෙන් කඩුලු 7 ක්

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් ඇසුරිනි)

ඕවර 3.2 ක් යවමින් එකම ලකුණක් හෝ නොදී කඩුලු 7 ක් දවාගත් ඉන්දුනීසියානු ක්‍රීඩික රොමාලියා රොමාලියා ඊයේ (25 වැනිදා) පැවැති විස්සයි-20 කාන්තා තරගයකදී නව ලෝක වාර්තාවක් පිහිටවූවාය. ඉන්දුනීසියාව සහ මොන්ගෝලියාව අතර බාලි නුවරදී පැවැති තරගයකදී වාර්තා වූ මෙම දස්කම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා හෝ පිරිමි තරගයකදී මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. 

තවමත් 17 හැවිරිදි රොමාලියාගේ මංගල අන්තර්ජාතික තරගය මෙයයි. 

ඕවර 3.2 ක් (පන්දු 20 ක් යැවූ) රොමාලියා හමුවේ එකම ලකුණකුදු ලබාගැනීමට මොන්ගෝලියානු පිතිකාරිණියෝ අසමත් වූහ. ඒ අතරවාරයේදී ඇය කඩුලු 7 ක් දවාගත්තාය. රොමාලියා හමුවේ දැවී ගිය පිතිකාරිණියන් සියලු දෙනාම ලකුණු නොලබා දැවී යාමත් විශේෂ සිදුවීමක් විය. 

රොමාලියාගේ පන්ද යැවීම හේතුවෙන් ලකුණු 152 ක ඉලක්කයක් කරා යමින් සිටි මොන්ගෝලියානු කණ්ඩායම ලකුණු 24 කට දැවී ගියේය. මෙම ලකුණු 24 න් ලකුණු 10 ක් අතිරේක ලකුණු වූ අතර කිසිම ක්‍රීඩිකාවකට ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි විය. 

විස්සයි-20 කාන්තා තරග වලදී කඩුලු 7 ක් දවාගැනීමට සමත් වූ තුන්වැනි ක්‍රීඩිකාව රොමාලියාය. ආර්ජන්ටිනාවේ ඇලිසන් ස්ටොක්ස් (03/7) සහ නෙදර්ලන්තයේ ෆෙඞ්රික් ඕවර්ඩික් (03/7) විස්සයි-20 තරගයකදී කඩුලු 7 ක් දවාගත් අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනාය. 

- 213


අදහස් (0)

ලකුණක්වත් නොදුන් රොමාලියාගෙන් කඩුලු 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.