Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි  විදුහල සහ කොළඹ සාන්ත තෝමස් ප්‍රාථමික විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ චාරුක ඒකනායක ලකුණු 12 කට කඩුලු 4 ක්ද, කෙවින් වඩුගේ ලකුණු 03 කට කඩුලු 3 ක්ද දවාගමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 57.1 කදී කඩුලු 6 ක් දැවී 191
(විතේන් ඊබට් 47, දිනුක පසිඳුල් නොදැවී 37, චාරුක ඒකනායක 20, බිමාෂ් විදුදය 20, ආයිමාන් අන්සාරි 46/2)

ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහල් පළමු ඉනිම - ඕවර කදී 33.5 කදී සියලු දෙනා දැවී 57
(චාරුක ඒකනායක 12/4, කෙවින් වඩුගේ 03/3)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලු 2 ක් දැවී 26

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.