Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරුගේ ශතකය මහනුවර බල ගන්වයි
ජාතික සුපිරි ලීගය

ළහිරුගේ ශතකය මහනුවර බල ගන්වයි

editorial - 2024 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) ආරම්භ වූ තරගය, පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 339 ක් ලබා සිටියේය. 

පළමු දිනය අවසානයේ නායක සහන් ආරච්චිගේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 81 ක්ද, චාමික ගුණසේකර හතරේ පහරක් ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. සහන් සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අහන් වික්‍රමසිංහ ලකුණු 63 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. 

මහනුවර කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ළහිරු උදාර හතරේ පහර 15 ක් සමග ලකුණු 100 ක් රැස්කළේය. මහනුවර ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් කසුන් විදුර (45) සමග එක්ව ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ළහිරු සමත් විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට කසුන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.


මහනුවර පළමු ඉනිම - කඩුලු 6 කට 339
(කසුන් විදුර 45, ළහිරු උදාර 100, ලසිත් ලක්ෂාන් 17, සහන් ආරච්චිගේ නොදැවී 81, අහන් වික්‍රමසිංහ 63, උදිත් මධුෂාන් 35/2, රමේෂ් මෙන්ඩිස් 75/2) 


අදහස් (0)

ළහිරුගේ ශතකය මහනුවර බල ගන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.