
සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී බහුලව භාවිතා කෙරෙන ඩක්වර්ත් - ලුවිස් - ස්ටර්න් (ඩී.එල්.එස්) න්‍යායේ භාරකරුවා වන මහාචාර්ය ස්ටීවන් ස්ටර්න් මහතා දින කිහිපයක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය ඇතුළත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය වශයෙන් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අයත් සමගින් වැඩ සටහන් කිහිපයකටම සහභාගි වීමට නියමිතය.
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන වැඩසටහන අද (13 වැනිදා) පස්වරු 4.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. එහි ප්‍රධාන දේශනය මනහාචාර්ය ස්ටීවන් ස්ටර්න් මහතා විසින් පවත්වනු ලබන අතර පසුව වෘත්තීයවේදීන් සහ මහාචාර්ය වරයා අතර පැවත්වෙන සාකච්ඡාවකි.
- 213
Kapila Friday, 13 March 2026 11:48 AM
මහාචාර්ය තුමනි. ඩක්වර්ත් - ලුවිස් න්‍යාය ශ්‍රී ලංකාවේ දේශපාලයට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.