Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙබස්තියනයිට්ස් අවසන් සටනට
අන්තර් සමාජ පළමු පෙළ

සෙබස්තියනයිට්ස් අවසන් සටනට

editorial - 2024 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමිනි.  

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ ඕවර 22.3 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ තුළින දිල්ෂාන් පන්දු 65 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද, නවිඳු විතානගේ පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද රැස්කරමින් ජයග්‍රහණය තහවුරු කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායමට සෙබස්තියනයිට්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. එහිදී චරිත් රාජපක්ෂ, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර කඩුලු 2 බැගින් බිඳහෙළමින් බදුරලිය ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොහාන් සංජය පන්දු 50 කට මුහුණ දෙමින් ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. දුනිත් ජයතුංග පන්දු 53 කදී හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද, නායක අලංකාර අසංක පන්දු 48 කදී හතරේ පහරක් සමග ලකුණු 15 ක්ද බැගින් රැස්කළහ. 


බදුරලිය පිල ඕවර 42.2 කදී - සියලු දෙනා දැවී 108 
(අලංකාර අසංක 15, දුනිත් ජයතුංග 18, රෙහාන් සංජය 27, ගිහාන් කෝරලගේ නොදැවී 14, චරිත් රාජපක්ෂ 15/2, තරිඳු රත්නායක 18/2, ඉසිත විජේසුන්දර 2/2) 

සෙබස්තියනයිට්ස් පිල ඕවර 22.3 කදී - කිසිවකු නොදැවී 112 
(තුලින දිල්ෂාන් නොදැවී 53, නවිඳු විතානගේ නොදැවී 53) 


අදහස් (0)

සෙබස්තියනයිට්ස් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.