Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් - බදුරලිය අවසන් පූර්ව වටයට
අන්තර් සමාජ පළමු පෙළ

සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් - බදුරලිය අවසන් පූර්ව වටයට

editorial - 2024 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තියනයිට්ස්, කෝල්ට්ස් සහ බදුරලිය ක්‍රීඩා සමාජ සමත් විය. ඒ අනුව අවසන් පූර්ව වටයේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව බදුරලිය කණ්ඩායමද, එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් කණ්ඩායමද තරග වැදීමට නියමිතය. 

ඊයේ (10 වැනිදා) ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පානදුරදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබමින් සෙබස්තියනයිට්ස් කණ්ඩායම (ලකුණු 15) ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසියේය. කෝල්ට්ස් කණ්ඩායම (ලකුණු 14) ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමිනි. 

පෙර සිටම එස්.එස්.සී. කණ්ඩායම (ලකුණු 16) ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි අතර ‘බී’ කාණ්ඩයේ දෙවැනියා බවට පත්වීමට බදුරලිය කණ්ඩායම සමත් වූයේ ලකුණු 14 කට හිමිකම් කියමිනි. ඒ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව නිමාවට පත්වීම හේතුවෙන් ලද ලකුණත් සමගිනි. 

සෙබස්තියනයිට්ස් කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එළබෙන 13 වැනිදාද, සෙබස්තියනයිට්ස් කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදාද කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 16 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


පානදුර ක්‍රීඩාංගණයේදී 
සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 8 ක ජයක් 
ගුවන් හමුදා පිල ඕවර 18.5 කදී - සියලු දෙනා දැවී 77   
(විහඟ රුවනාර 21, කෙමිර විජේනායක 22, චරිත් රාජපක්ෂ 30/4, දුෂාන් විමුක්ති 08/2, චාමිකර එදිරිසිංහ 16/2, ඉසිත විජේසුන්දර 17/2) 
සෙබස්තියනයිට්ස් පිල ඕවර 16 කදී - කඩුලු 2 ක් දැවී 83   
(තුලින දිල්ෂාන් නොදැවී 27, දුෂාන් විමුක්ති 53) 


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් පිලට කඩුලු 5 ක ජයක් 
කුරුණෑගල යොවුන් පිල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 163 
(ගයාන් මනීෂාන් 57, තරින්ද විජේසිංහ 19, සමීර සඳමාල් 19, නවීන් ප්‍රනාන්දු 32, දුනිත් වෙල්ලාලගේ 16/4, මුදිත ලක්ෂාන් 39/3) 
කෝල්ට්ස් පිල - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 164 
(රවිඳු රසාන්ත 16, ශෙරාන් ෆොන්සේකා 24, දුනිත් වෙල්ලාලගේ නොදැවී 52, ධනංජය ලක්ෂාන් නොදැවී 45, චානුක දිල්ෂාන් 23/3) 


මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
හලාවත මේරියන්ස් - බදුරලිය තරගය විසඳුමකින් තොරයි 
හලාවත මේරියන්ස් පිල ඕවර 24 කදී - කඩුලු 8 ක් දැවී 170  
(ලසිත් ලක්ෂාන් 42, රමේෂ් නිමන්ත 18, රවීන් යසස් 46, පුලින තරංග 18, අලංකාර අසංක 17/2, රෙහාන් සංජය 31/2) 


අදහස් (0)

සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් - බදුරලිය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.