Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. දෙවැනි තැනට එයි

සී. ආර්. දෙවැනි තැනට එයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ තරග අවසානයේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

දෙවැනි සතියේ තරග ආරම්භ වන විට සී. ආර්. පිල ප්‍රසාද ලකුණු 32 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවිය. සී. ආර්. පිල දෙවැනි සතියේ තරගයේදී ලකුණු 30-17 කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමෙන් පෙරමුණට ඒමට අවස්ථාව උදාවිය.

සී. ආර්. පිලට මෙම සතියේ නායක ඔමල්ක ගුණරත්නගේ සේවය අහිමිවී තිබේ. ඔමල්ක සහභාගි වූ තරග අටේදී ‘කහ කාඞ්පත්’ අවවාද තුනක් ලැබීම නිසා තරගයක තහනමක් පනවා තිබේ.  මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 52 ක් හිමිකරගනිමින් අපරාජිතව තව දුරටත් පළමු ස්ථානයේ රැදී සිටියි.

පොලිස් පිල පසුගිය සතියේ නාවික හමුදා පිල හමුවේ ලැබූ ලකුණු 44-24 ක පරාජයත් සමඟ තෙවැනි ස්ථානයට ඇද වැටුණි.  දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් සී. ආර්. පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය සී. ආර්. පිටියේදී අද (07) පැවැත්වේ.

 

දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග කාලසටහන
● 07 වැනිදා -- සී. ආර්. පිල සහ ගුවන් හමුදා පිල අතර සී. ආර්. පිටියේදී
● 08 වැනිදා - යුද හමුදා පිල සහ මහනුවර පිල අතර සී. වැලිසරදී
● 08 වැනිදා -- පොලිස් පිල සහ හැව්ලොක්ස් පිල අතර බම්බලපිටියේදී
● 09 වැනිදා - නාවික හමුදා පිල සහ සී. එච්. පිල අතර වැලිසරදී

 


අදහස් (0)

සී. ආර්. දෙවැනි තැනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.