Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාග් පිහිනුම් තටාකයට ශී‍්‍ර ලංකාවෙන් 21 ක්

සාග් පිහිනුම් තටාකයට ශී‍්‍ර ලංකාවෙන් 21 ක්

deeptha - 2016 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

inner img 20160113

 

පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පිහිනුම් තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 21 දෙනෙක් සහභාගිවෙති.

ක‍්‍රීඩිකාවෝ 12 දෙනෙක් සහ ක‍්‍රීඩකයෝ නව දෙනෙක් සාග් ශ‍්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට ඇතුළත් වෙති. වැඩි දුර අධ්‍යාපනය සදහා විදේශගතව සිටි මචිකෝ රහීම් සහ කිරාන් ජාසිංහ දෙදෙනාද ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිති.

කිමිකෝ රහීම් සහ චිරන්ත ද සිල්වා පිහිනුම් පුහුණුවීම් සදහා තායිලන්තයට ගොස් සිටිති.

මෙම ක‍්‍රීඩා උළෙල සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග පසුගියදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණ. එම තරගවලදී චිරන්ත ද සිල්වා සහ කනිත මුණසිංහ නව ජාතික වාර්තා පිහිටුවමින් දස්කම් දැක්වුහ. චිරන්ත, මීටර 200 සමනළ ආර ඉසව්වෙන්ද, කනිත මීටර 50 ළය ආර ඉසව්වෙන්ද මෙම වාර්තා තැබුහ.

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී පිරිමි හා කාන්තා ඉසව් 15 කට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතය.
පෙබරවාරී මස 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භවන සාග් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලිය පෙබරවාරී මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා සකීර් හුසේන් පිහිනුම් තටාකයේ සහ සරුසාජයි ක‍්‍රීඩා සංකීර්ණ පිහිනුම් තටාකවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ‍්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම

පිරිමි
මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, කාවින්ද්‍ර නුගවෙල, කනිත මුණසිංහ, කවීන් වීරසිංහ, කිරාන් ජාසිංහ, අකලංක පීරිස් සහ ෂෙහාන් ද සිල්වා

කාන්තා
කිමිකෝ රහීම්, මචිකෝ රහීම්, ඉෂානි සේනානායක, හසන්ති නුගවෙල, රමුදි සමරකෝන්, හිරුණි පෙරේරා, උත්තමා සිල්වා, රිද්මි රන්කොතගේ, විනෝලි ක`ඵආරච්චි, දිල්රුක්ෂි පෙරේරා, සන්දු සාවින්දි සහ හිමානි විතානගේ

 

අදහස් (0)

සාග් පිහිනුම් තටාකයට ශී‍්‍ර ලංකාවෙන් 21 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.