Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාග් ක‍්‍රීඩා උළෙලට ශී‍්‍ර ලංකාවෙන් 500 ක්

සාග් ක‍්‍රීඩා උළෙලට ශී‍්‍ර ලංකාවෙන් 500 ක්

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අසියානු කළාපයේ විශාලතම ක‍්‍රීඩා උළෙල වන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ලබන පෙබරවාරි මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර දෙකේදී පැවැත්වේ.

ලෝක ජනගහනයෙන් 21% ක් නියෝජනය කරන දකුණු ආදියානු කළාපයේ සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, අෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින සහ නේපාලය යන රටවල්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙම කී‍්‍රඩා උළෙලට සහභාගි වෙති.

මෙවර ක‍්‍රීඩකයන් 1505 ක් සහ ක‍්‍රීඩිකාවන් 1167 ක් කී‍්‍රඩා උළෙලට සහභාගි වන බව ඉන්දීය ඔලිම්පික් කමිටුව පවසයි. ඊට අමතරව 1000 කට අධික නිලධාරී පිරිසක්ද තරගාවලියට සහභාගි වීමට නියමිතය.  

මෙවර දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 23 කින් ඉසව් 228 ක් ඇතුළත් වේ. මෙහිදී රන් පදක්කම් 228 ක්, රිදී පදක්කම් 228 ක් සහ ලෝකඩ පදක්කම් 308 ක් පිරිනැමීමට නියමිතය. ස්වෙච්ඡුා සේවකයන් 3500 කට අධික පිරිසක් සංවිධාන කටයුතුවලට සහයෝගය දැක්වීමට සූදානමින් සිටිති.

ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන මධ්‍යස්ථානය වන ගුවහටි නගරයේ මලල ක‍්‍රීඩා, බැඞ්මින්ටන්, පැසිපන්දු, වොලිබෝල්, පිහිනුම්, තුන්ප‍්‍රයාම, හොකී, බර ඉසිලීම, මල්ලවපොර, ස්කොෂ්, ඉලක්කයට වෙඩි තැබීම, කෝ කෝ, කබඩි, අත්පන්දු, පාපැදි සහ ටෙනිස් යන ක‍්‍රීඩා 16 පැවැත්වේ.

දුන්නෙන් විදීම, බොක්සිං, ජූඩෝ, මේසපන්දු, ටයිකොන්ඩෝ, වූෂු සහ පාපන්දු යන ක‍්‍රීඩා හය ශිලොන්ග් නරගයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට ක‍්‍රීඩකයන් 257 ක් සහ ක‍්‍රීඩිකාවන් 227 ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි. ඊට අමතරව නිලධාරීන්ද එක්වූකල ශී‍්‍ර ලංකා කණ්ඩායම 500 ඉක්මවනු ඇත.

දකුණු අසියානු ක‍්‍රීඩා උළෙල පිළිබදව නිලවශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට පැමිණි ඉන්දීය ක‍්‍රීඩා ලේකම් රජීව් යාදේව් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ. භක්‍ෂි යන මහත්වරු සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ. භක්‍ෂි මහතා පැවසුවේ මෙවර ක‍්‍රීඩා උළෙලට පාකිස්තානය සහභාගි වනු ඇති බවට විශ්වාස කරන බවත් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් විශේෂ ආරක්‍ෂාවක් යෙදවීම නිසා ඒ පිළිබදව කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බවත්ය.

”ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ගුවහටි සහ ශිලෝන් හොදම දේශගුණ තත්ත්වය පවතින්නේ මෙම කාලයේ තමයි. මෙම නගර දෙක අතර කිලෝමීටර 90 ක පමණ දුරක් තියෙනවා. එහි ගමනාගමනය සදහා සියලූම පහසුකම් සූදානම් කරලයි තියෙන්නේ” යැයි ඒ. භක්‍ෂි මහතා වැඩි දුරටත් පැවසීය.

මේ අවස්ථාවට ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුවේ සාමාජිකයකු වන ඉන්දීය හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන භාසියා සහ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරු ද සහභාගි වූහ.

 


අදහස් (0)

සාග් ක‍්‍රීඩා උළෙලට ශී‍්‍ර ලංකාවෙන් 500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.