Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්මිත්ගේ දෑසට මකුළු කැමරාව හරස් වෙයි

ස්මිත්ගේ දෑසට මකුළු කැමරාව හරස් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දු - ඕස්ටේ‍්‍රලියා තරගයේ තෙවැනි දිනයේදී තරගය වීඩියෝගත කිරීම සඳහා යොදාගන්නා ‘ස්පයිඩර් කැම්’ කැමරාවක් නිසා උඩපන්දුවක් ගිලිහී යෑම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දරති.

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඉන්දියාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසාන හා සිව්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය කී‍්‍රඩක ලොකේෂ් රාහුල් ලකුණු 46 ක් රැුස් කර සිටියදී දුන් උඩපන්දුව  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට රැුකගැනීමට නොහැකි විය. උඩපන්දුව අතහැරීම නිසා ඔහු ඊට දොස් පැවැරුවේ ‘මළ උලව් කම්බිය’ නිසා උඩපන්දුව ගිළිහී ගිය බව කියමිනි.

කි‍්‍රකට් පිටියේ දසුන් වීඩියෝ ගත කිරීමට යොදාගන්නා

මකුළු කැමරාව

‘ස්පයිඩර් කැම්’ නැමැති කැමරාව එහා මෙහා ගමන් කරන්නේ රැහැන් ආධාරයෙනි.

තරගය අවසානයේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ  ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් ආයතනය හා කි‍්‍රකට් තරගය විකාශය කළ නයින් නෙට්වර්ක් රූපවාහිනි නාලිකාව කියා සිටියේ පන්දුව කැමැරාවේ හෝ රැහැනක නොගැටුණු බවයි.  

ස්මිත්ගේ ඇස් මට්ටමින් තිබූ රැුහැනක් නිසා ඔහුට පන්දුව රැුකගැනීමට නොහැකිවුණා යැයිද එම නිවේදනයේ සඳහන් විය. මේ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන්ගේ අදහස් විමසීමට ද නියමිතය.

යම් කිසි කී‍්‍රඩකයකුට මෙම ස්පයිඩර් කැමරාව ස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් තිබේ නම් එය ඉවත් කිරීමට විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමේ අවස්ථාව ඇති බව  ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් මහතා සඳහන් කළේය. එසේම ඔහු ද ස්පයිඩර් කැමරාවට පි‍්‍රය කරන බව සඳහන් කළේය. එය ස්ථානගත කිරීම ආදිය අනාගතයට අයත් කාර්යයක් යැයිද එය සිතිය යුතු කරුණක් යැයිද ඩැරන් ලීමන් මහතා පවසයි.

එක් එක් පන්දුවට කැමරාව ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් පවතිනවා. මම එය නැරැඹීමට පි‍්‍රය කරනවා. පන්දු යවන්නන් පන්දු

රැහැන හරස්වීම නිසා උඩපන්දුව ගිළිහී යාමෙන් පසු ස්ටීවන් ස්මිත් රැුහැන දෙසට අත දිගුකරමින්

යවන විට කැමරාව ස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් එය කි‍්‍රයා කරවන්නන් අවධානය යොමු කළ යුතුයි. අප එය නිවැරැදිව එහා මෙහා කළ යුතු යැයිද ඩැරන් ලීමන් මහතා පැවසීය.

එය කි‍්‍රයාත්මක කිරීම සඳහා පැවැතිය යුතු උස පිළිබඳවද අප සඳහන් කළ යුතුයි. ස්මිත්ට පන්දුව මග හැරුණේ පන්දුව පහතට වැටෙන අවස්ථාවේ ඒ හරහා කැමරාව එහා මෙහා ගෙන යන රැුහැනක් හරස් වීම නිසා. ස්මිත්ට ගිලිහුණු උඩපන්දුව පිළිබඳ සඳහන් කරමින් ලීමන් මහතා පැවසීය.

”ඒ අවස්ථාවේ හිරු එළියත් ඔහුගේ මුහුණට වැටුණා. එසේ බලන විට එය ඉතා අසීරු උඩපන්දුවක්. එසේ වුවද ඔහු පන්දු රකිනවා බැලීමට අප පි‍්‍රයා කරනවා. නමුත් ඒ අවස්ථාවේ ඔහුට එයට කළ නොහැකි වුණා” යැයි ලීමන් සඳහන් කරයි.

රාහුල් එම තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් අතර ඒ අතරවාරයේ ඔහු  ඕස්ටේ‍්‍රලියානු පන්දු රකින්නන්ට අවස්ථා කිහිපයක් දුන්නද එයින් ප‍්‍රයෝජන ගැනීමට  ඕස්ටේ‍්‍රලියානුවන්ට නොහැකි විය. එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ පිට පිටම දෙවැනි ඉනිම සඳහාත් පන්දුවට පහර දීමේ අවස්ථාව සඳහා ඉන්දියානුවන්ට බලකිරීමට  ඕස්ටේ‍්‍රලියානු පිලට නොහැකි වීමයි.

රාහුල් ලකුණු 42 ක් රැුස්කරගෙන සිටියදී දුවද්දී දැවී දවා ගැනීමකට අවස්ථාව උදා වූ අතර අනෙක් අන්තයේ සිටි විරාට් කෝලි ඔහු නැවත හරවා යැවීම නිසා එම අවස්ථාවද ගිලිහුණි. ඒ අතරවාරයේදී ඔහුට පිත්තද ගිලිහුණු අතර එසේ වුවද බ‍්‍රැඞ් හැඩින්ගේ පමා වූ පන්දු විසිකිරීම නිසා දැවීයාමෙන් ගැලවීමට රාහුල් සමත්වූයේය.

උඩ පන්දුවක් වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියානුවෝ ඉල්ලීමක් කළ අතර විනිසුරු ලෙස කටයුතු කළ රිචඞ් කෙට්ල්බරර් මහතා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.


අදහස් (1)

ස්මිත්ගේ දෑසට මකුළු කැමරාව හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.