Last Update  :  2025-06-30 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාර එක්දින ලකුණු 13,000 යි

සංගක්කාර එක්දින ලකුණු 13,000 යි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එක්දින ලකුණු 13,000 සම්පූර්ණ කිරීමට සමත් විය.

සංගක්කාර ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 13,000 ක් සම්පූර්ණ කළ සිවුවැනි ක‍්‍රීඩකයා මෙන්ම ශ‍්‍රී ලංකාවේ දෙවැනි ක‍්‍රීඩකයා බවට පත්විය. සංගක්කාර තෙවැනි වේගවත්ම එක්දින ලකුණු 13,000 රැස්කළ ක‍්‍රීඩකයා බවට ද පත්විය.

ශ‍්‍රී ලංකා වැඩිම එක්දින ලකුණු ලාභියා වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තරගය 445 කදී ලකුණු 13,430 ක් රැස්කර තිබේ.

කුමාර් සංගක්කාර මේ තරගයට පෙර එක්දින තරග 385 කදී ලකුණු 12,987 ක් රැස්කර කරමින් ලකුණු 13,000 ට ලකුණු 13 ක් පසු පසින් සිටියේය.

 


අදහස් (0)

සංගක්කාර එක්දින ලකුණු 13,000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.