Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන සෙන්-නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ සිව්වැනි කාණ්ඩයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම සමත්විය.
පෙර අර්ධ අවසන් වටයේදී තරග 3-0 ක් ලෙස ලා ඕසය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, අර්ධ අවසන් වටයේදී තරග 3-2 ක් ලෙස පිලිපීනය හමුවේ තියුණු ජයක් වාර්තා කරමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව සිවුවැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයේදී උස්බෙකිස්තානය පරාජය කළ යුතුවේ. ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර තරග හෙට (4 වැනිදා) පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු අදියරේදී සිව්වැනි කාණ්ඩයේ ‘එම්’ අනු කාණ්ඩය යටතේ තරග වැදුනු ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම, එහිදී කිරිගිස්තානය, අයිස්ලන්තය සහ මොරොක්කෝව හමුවේ ජය වාර්තා කළ අතර යේමනය සහ ටෝගෝ රාජ්‍ය හමුවේ පරජයට පත්විය.
ඒ අනුව ප‍්‍රසාද ලකුණු 8 ක් ලබාගත් රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යන කී‍්‍රඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘එම්’ අනු කාණ්ඩයේ 3 වැනි ස්ථානයට පත්විය.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස ලාඕසය පරාජය කරන ලදී.
අර්ධ අවසන් පූර්ව වටය
ශ්‍රී ලංකාව විසින් තරග 3-2 ක් ලෙස පිලිපීනය පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.