Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ගෝල 5-0 ක ජයක්

ශ්‍රී ලංකාවට ගෝල 5-0 ක ජයක්

editorial - 2022 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දුනීසියාවේ සත්කාරයෙන් ‘‘ජකර්තා’’ නුවරදී අද (7) ආරම්භ වූ ආසියානු ක්‍රීඩා (2023) පූර්ව සුදුසුකම් තරග වටයේ දී ශ්‍රී ලංකාව විසින් කාම්බෝජය ගෝල 5-0 කට පරාජය කරන ලදී.

රටවල් නවයක සහභාගීත්වයෙන් මෙම 14 වැනිදා දක්වා තරගාවලිය ජකර්තා නුවරදී පැවැත්වේ. මෙහිදී දක්‍ෂතා දක්වන කණ්ඩායම් පහක් අනුපිළිවෙලින් වසර 2023 ට කල් දමනු ලැබූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (කාන්තා) ඉසව්වට නිර්දේශ ලබයි.

ඊයේ තරගයේදී එම්. ප්‍රාර්ථනා, සඳලි පෙරේරා, විමුක්ති කැටදොරගේ හා ෂානිකා හේවා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කරන ලදී. එයින් දෙකක්ම විමුක්ති කැටදොරගේ විසින් හිමිකර ගැනීමට සමත් වූවාය.

තරගයේ 2 – 9 – 43 – 47 හා 48 යන විනාඩිවලදී එම ගෝල වාර්තා විය. මෙම තරග වටයේදී ශ්‍රී ලංකාව හෙට (8) හොංකොං රාජ්‍යයට එරෙහිව සිය දෙවැනි තරගයට සහභාගී වේ.
ඉන්දුනීසියාව, කසකස්තානය හා උස්බෙකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තවත් තරග දෙකකට එහිදී සහභාගීවීමට නියමිතව ඇත්තේ පිළිවෙලින් මෙම 11 – 12 හා 14 යන දිනවලදීය. ජී.ජී. නිල්මිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවයි.

ආසියානු ක්‍රීඩා (2023) හොකී (පිරිමි) ඉසව්වෙන් මේ වනවිටත් ශ්‍රී ලංකාව නිර්දේශ ලබා සිටින්නේ ‘‘බැංකොක්’’ නුවරදී ඉකුත්දා පැවැති මෙවැනිම සුදුසුකම් ලැබීමේ තරග වටයකදී දක්‍ෂතා දැක්වීමෙනි.

ඒ එම තරග වටයේදී පස්වැනි ස්ථානය ලබාගනිමිනි. එහිදී ආසියානු ක්‍රීඩා උළෙල නිර්දේශ ලබාගත් රටවල් ගණන හයකි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 5-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.