Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශය හමුවේ දෙවැනි එක්දින තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ස්ථානයක් පහළට වැටී තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ එක්දින ශ්‍රේණිගත කිරීම් අතර 5 වැනි ස්ථානයයි.
තරගාවලියට පෙර ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටි නමුත් ඒ වන විට 10 වැනි ස්ථානයේ සිටි බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන් පියගැටයක් පහළට වැටී තිබේ. ඒ අතරවාරයේදී ලබාගත් ලකුණු 16 ක බංග්ලාදේශය 10 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා ඉහළට නැඟ තිබේ.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ඉතාමත් වැදගත් වන්නේ 2027 ලෝක කුසලාන තරගාවලිය සඳහා එය සෘජුවම බලපානා බැවිනි.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව වන රටවලදී පැවැත්වෙන 2027 එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබන්නේ සත්කාරකයන් වන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් දෙකත්, 2027 මාර්තු 31 වැනිදා වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8 ත් පමණි.
තවත් කණ්ඩායම් 4 ක් සුදුසුකම් තේරීමේ වටයකින් පසුව තෝරා ගැණෙනු ඇත.
නැමීබියාව 2027 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටක් වන නමුත් එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයකු නොවන බැවින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නම් සුදුසුකම් තේරීමේ වටයකින් පසුව හෝ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව තරගාවලියට සුදුසුකම් ලබාගත යුතුය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.