
නෙත්මි උපේක්ෂා (05/3) සහ අසේනි තලගුණේ (42/5) එක්ව ඕස්ට්‍රේලියානු යෞවනියන්ගේ අවසන් කඩුලු 5 ම ලකුණු 12 ක් තුළදී දවාගත්හ. එහෙත් අවසන් මොහොතේදී ඉස්සර වූ ඇලිසා ඩර්මොඩී, බි්රස්බේන් නුවර ඉයන් හීලි ඕවල් පිටියේදී ඊයේ (8 වැනිදා) පැවැති එක්දින තරගයකදී කඩුලු 1 ක තියුණු ජයක් කරා ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියාය.
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයේදී එංගලන්ත යොවුන් පිලට එරෙහිව ලකුණු 52 ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ 43 වැනි ඕවරය දක්වාම සිය සටන්කාමීත්වය රැකගනිමින් විශිෂ්ට ක්‍රීඩාවක නිරත වූහ.
පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 174 එක්දින තරගයක ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවූවත්, එය ආරක්ෂා කිරීම සඳහා ඔව්හු විශිෂ්ට උත්සාහයක් ගත්හ.
නායිකා චමෝදි ප්‍රබෝධා සහ අසේනි තලගුණේ එක්ව ඕවර 17 කදී ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගත්හ. එහෙත් අයිලා ජොන්සන් (20) සහ ඉන්දිරා පනෙලි (59) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ෂත්කාරකයන්ගේ බලාපොරොත්තු රඳවා ගත්හ.
අයිලාගේ දැවීයාමෙන් පසුව එක්වූ ඉන්දිරා සහ ඇලිසා ඩර්මොඩි ලකුණු සංඛ්‍යාව 161 ක් දක්වා ඉදිරියට ගෙන ගියේ අපේක්ෂිත ඉලක්කයට ලකුණු 14 ක් දක්වා ආසන්න වෙමිනි. මෙම අවස්ථාවේදී නෙතඟි ඉසුරාංජලීගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමකින් ඉන්දිරා දැවීයාමත් සමගින් ඕස්ට්‍රේලියානු යෞවනියන්ගේ ගෙල සිරකරගත් නෙත්මි උපේක්ෂා සහ අසේනි තලගුණේ ලකුණු 12 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත්හ.
කඩුලු 4 ට 161 ක්ව තිබූ ලකුණු පුවරුව, ඕවර 6 ක් ඇතුළත කඩුලු 9 ට 173 ක් ලෙසින් වෙනස් වූවද, ඊළඟ ඕවරයේදී (වයිඩ් පන්දුවක් ද ඇතුළුව) ශශිනි ගිම්හානි හමුවේ ඉතිරි ලකුණ ලබාගත් ඇලිසා තරගය අහවර කළාය.
ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 174 යි
(සංජනා කාවින්දි 19, විමෝක්ෂා බාලසූරිය 25, උමයංගනා පීරිස් 20, ශශිනි ගිම්හානි 19, යෙසාලි ජිතාරා 16, චමෝදි හේරත් නොදැවී 20, අයිරා ඒරි 29/2, මියා බාර්වික් 22/3)
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ - ඕවර 43.1 කදී කඩුලු 9 ක් දැවී 175 යි
(ෂිලෝ ජූලියන් 18, එමිලි පවෙල් 16, ඉන්දිරා පනෙලි 59, අයිලා ජොන්සන් 20, ඇලිසා ඩර්මොඩි නොදැවී 37, අසේනි තලගුණේ 42/5, නෙත්මි උපේක්ෂා 05/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.