
(දමින්ද විජේසූරිය)
කිලෝ ග්‍රෑම් 85 ට අඩු බරින් යුත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ අනාගතයත් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ක්‍රීඩකයන් 45 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතයක් නම් කර තිබේ. නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා මෙම සංචිතයෙන් ක්‍රීඩකයන් තෝරා ගන්නා අතරම ජාතික පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ මහතාගේ ගුරුහරුකම් යටතේ මෙම සංචිතයේ සිටින ක්‍රීඩකයන් ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අපේක්ෂාවයි.
අතීතයට සාපේක්ෂව වර්තමාන රග්බි ක්‍රීඩාව තරමක් වේගවත් ක්‍රීඩාවක් වී තිබේ. එබැවින් මෙම සංචිතය තෝරාගනු ලැබ ඇත්තේ තරුණ සහ පළපුරුදු ක්‍රීඩකයන් ඇතුළත් කරමින්, වේගවත් පසුබිමක, කිසියම් සැලැස්මක් ඇතිව තරඟ කිරීම අරමුණු කරගනිමිනි. සංචිතය ඉදිරිපෙළ ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් සහ පසුපෙළ ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිඳු කරුණාතිලක සහ තරිඳු චතුරංග අතරේ තරගයක් ඇතත් ලසිඳු කරුණාතිලක තරමක් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
කිලෝ ග්‍රෑම් 85 ට අඩු බරින් යුත් නවසීලන්ත ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2 කට සහභාගි වෙයි. එහි පළමු තරඟය අප්‍රේල් 25 වැනිදා දින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන තරඟය මැයි 3 වැනිදා දින මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රග්බි ක්‍රීඩාවේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය 2 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමයි. අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව 46 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට එරෙහිව තරග වදින්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමිනි.
කෙසේ වෙතත් නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකම ඉතාමත් වැදගත් වන්නේ ආසියානු කලාපයේ ඉහළ හතර දෙනා අතර තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බැවිනි. ඉහළ හතර දෙනාගේ තරගාවලියේදී, ජපානය හැර, ආසියානු කලාපයේ රග්බි දැවැන්තයන් වන හොං කොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව සමගින් තරග කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.
හොං කොං පිලට එරෙහි තරඟය කොළඹදී පැවැත්වෙන අතර අනෙක් තරඟ දෙක ඩුබායි සහ දකුණු කොරියාවේදී පැවැත්වෙන බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇත.
ශ්‍රී ලංකා රග්බි ආයතනය විශේෂඥ පුහුණුකරුවකු ද (ප්‍රංශ ජාතික තියරි යැන්සෙක් මහතා) පත්කරමින් සත් සාමාජික රග්බි ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමුකර තිබිියදී සම්මත රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පත්කරන ලද මෙම සංචිතය විශේෂ වැදගත්කමක් ගනී.
ශ්‍රී ලංකා සංචිතය :
ලසිඳු කරුණාතිලක, තරිඳු චතුරංග, විමුක්ති දේශාන්, හංසිත ද සිල්වා, චරිත් සිල්වා, නිසල් සිල්වා, කවිෂ අමරසේකර, යෝෂිත සිතුමිණ, ඩිල්ෂාන් ජයා, සබිත් මුෂින්, පුලස්ති දසනායක, වෙනුර කෝදාගොඩ, ශාමික කෞෂාන්, තිළිණ බණ්ඩාර, නවීන් මාරසිංහ, ශෂික ජයවර්ධන, ෂෙනාල් අදිකාරම්, ලහිරු තිලකරත්න, ඔමල්ක ගුණරත්න, ඔලිවර් බකල්, නාම් හේමචන්ද්‍ර, උදේශ් මධුශංක, අචිත රදීශාන්, චතුර ඩිල්ෂාන්, හර්ෂ මධුරංග, විදුන අමනෙත්, කවීෂ කළුආරච්චි, කූජන කුලතුංග, තේනුක නානායක්කාර, ඉසුරු කෝන්ගහගේ, ගයන්ත ඉද්දමල්ගොඩ, නවීන් කණිෂ්ක, අකාෂ් මධුශංක, දිලුක්ෂ දංගේ, මාණික රුබේරු, ප්‍රමෝද් පද්මශංඛ, දිල්සර කෝදාගොඩ, ජනිදු ඩිල්ෂාන්, ඩිනාල් ඒකනායක, ගැමුණු චේතිය, ජයතු රාජරත්න, චමෝද් මුතුනායක, අරෝෂ් රත්නායක, මුර්ෂිඩ් සුබීර් සහ යුවාන් පතිරණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.