(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. කොළඹ නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව තරගයේදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 349ක දැවැන්ත ජයක් ලැබීය.
හොරණ තක්සිලා මැදි විදුහල් පිලේ දකුණත් පිතිකරු ඔමල්ක අමරසිංහ පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 188 කදී හතරේ පහර 26ක් සමඟින් ලකුණු 152 ක් රැස් කළේය. ඔමලික අමරසිංහ සහ චමෝද් මිහිරාන් සිව්වැනි කඩුල්ලට ලකුණු 183 ක සබඳතාවක් ගොඩනැංවීමට දායකවූහ.
ප්‍රතිවාදී ධර්මාශෝක විද්‍යාලයට වඩා ලකුණු 274 ක් ඉදිරියෙන් සිටි හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 243 ක් රැස් කළේය. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 518ක ඉලක්කයක් හිමිවිය. එහෙත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට තම දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 349ක ජයක් හිමිවූ අතර අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමගින් ඉදිරි තරගවාරයේ සිට පළමු කොටස ටියර් ‘බී’ තරගාවලියට උසස්වීම් ලබාසිටියි.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනිරු ඇතුලත්මුදලි සහ රෂාන් නවාංජන තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, ඔමලික අමරසිංහ පන්දුවෙන් දස්කම් දැක්වීය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 351 යි
(ඔමල්ක අමරසිංහ 152, චමෝද් මිහිරාන් 62, කුෂාන් තීක්ෂණ 45, යසිත් වෙත්තසිංහ 27, ජනිරු ඇතුලත්මුදලි 20, ජිතිර සංසික 87/3, චන්දුප කවීෂ 33/2, රුවිශ්වක ද සිල්වා 53/2, ඔමේග කරුණාරත්න 57/2)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - 77 යි
(ඔමේග කරුණාරත්න 20, තෙනූෂ තත්සර 26/3, චමෝද් මිහිරාන් 29/3, ජනිරු ඇතුලත්මුදලි 5/2)
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම 243 යි
(ජනිරු ඇතුලත්මුදලි 85, රෂාන් නවාංජන 52, සන්දිත් රණවීර 45, කුෂාන් තීක්ෂණ 26, කවීෂ මතීෂ 5/3, රුවිශ්වක ද සිල්වා 31/2 කවීෂ සඳරුවන් 60/2)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම 168 යි
(චන්දූප කවිෂ 43, කවීෂ සඳරුවන් 33, ඔමේග කරුණාරත්න 21, රුවිශ්වක ද සිල්වා 20, රෂාන් නවාංජන 28/3, යසිරු කල්හාර 11/2)

ඔමල්ක අමරසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.