Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව - කසකස්ථානය ශූරතාවට ගැටෙයි
ආසියානු රග්බි - 2024

ශ්‍රී ලංකාව - කසකස්ථානය ශූරතාවට ගැටෙයි

editorial - 2024 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියේ අවසන් මහ තරගය හෙට (4 වැනිදා) ‍පස්වරු 7.30 සිට කොළඹ, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර එහිදී කසකස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

අවසන් පූර්ව තරගවලදී ලකුණු 45-10 ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර කසකස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තියුණු සටනකින් අනතුරුව ලකුණු 33-31 ක් ලෙස කටර් රාජ්‍යය පරාජය කරමිනි.

මෙරටදී ජත්‍යන්තර මට්ටමේ රග්බි තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 12 කට පමණ පසු වුවත්, දේශීය මට්ටමේ තරගවලදී දැක්වූ දක්ෂතා අනුව සිය කණ්ඩායම මෙම අවසන් මහ තරගය සඳහා සූදානමින් සිටින බව කණ්ඩායමේ උප නායක තරින්ද රත්වත්තේ පවසයි.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී උත්සහ දිනුම් 5 කම ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් එ්වා ‍ගෝල දිනුම් බවට පත්කිරීමට තරින්ද සමත් වූ අතර ඇතැම් උත්සාහක දිනුම් සඳහා අනගි සහායක් දැක්විමටද ඔහු කටයුතු කළ අයුරු දැකගත හැකි විය.

"ඇත්තටම කසකස්තානය කියන්නේ අපිට පරාජය කරන්න බැරි කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් තරමක් ආක්‍රමණශීලි කණ්ඩායමක් වුණත්, හරි දේවල් කරමින් උපායශීලී ලෙස තරග වැදුණොත් අපිට මේ තරගය  ජයගැනීමට බැරි වෙන එකක් නෑ." යැයි තරින්ද කියා සිටියේය.  

"අපිට හොඳ පුහුණුකරුවන් තිදෙනෙක් සිටිනවා. ඔවුන් කරන්න ඕන මොනවද කියලා අපිට තරගයෙන් තරගයට ඉතා පැහැදිලිව කියනවා. අපි බලාගන්න ඕන පිට්ටනියට ගිහාම අඩුවෙන්ම වැරදි කරන්න. නැත්නම් අපිට තරග දිනන්න බැරි වෙනවා." යැයිද උප නායකයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරගයට අමතරව ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගයද අද පස්වරු 4.30 සිට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

(ඡායාරූපය - කුෂාන් පතිරාජ) 


අදහස් (0)

ශ්‍රී ලංකාව - කසකස්ථානය ශූරතාවට ගැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.