Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා රග්බි අවසන් සංචිතය තේරීම අද
ආසියානු රග්බි

ශ්‍රී ලංකා රග්බි අවසන් සංචිතය තේරීම අද

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි අවසන් සංචිතය තේරීමේ කටයුතු අද (22 වැනිදා) සිදුකෙරෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉහළ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

තරගාවලිය සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයන් 65 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතය පුහුණු සැසි කිහිපයකින් අනතුරුව ඉකුත් 17 වැනිදා ක්‍රීඩකයන් 39 දෙනෙක් දක්වා අඩු කළ බවත්, හෙට පැවැත්වෙන තේරීම් තරගකින් අනතුරුව එය ක්‍රීඩකයන් 30 ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවත් එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 

මෙරට ප්‍රධාන පෙලේ හිටපු රග්බි ක්‍රීඩකයකු වන සුදත් සම්පත් මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මගින් අවසන් සංචිතය තෝරා ගනු ලබන අතර චම්පික නිෂාන්ත (ඇලෙක්ස්), රජීව් ගණපති සහ දුමින්ද සිල්වා යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති. 

සනත් මාටින්ස් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇති අතර දුෂාන්ත් ලෙව්කේ මහතා ඉදිරිපෙළ පුහුණුකරු ලෙසත්, නිල්ෆර් ඊබ්‍රහීම් මහතා පසුපෙළ පුහුණුකරු ලෙසත් පත්කර ඇත. සනත් පිටිගල මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙසත්, රුක්ලාන් කබ්රාල් මහතා එහි සහාය කලමණාකරු ලෙසත් කටයුතු කරන අතර එම්. මජීඞ් මහතා භෞතචිකිත්සකවරයා ලෙසත්, සංඛ සිල්වා මහතා සම්භාහකවරයා ලෙසත් කණ්ඩායමට සහාය ලබාදෙති. 

මෙවර තරගාවලිය කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පිළිමුළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන තරගාවලියක් බැවින් එහි මූලික වටයම, අවසන් පූර්ව වටයක ස්භාවයක් ගෙන තිබේ. තරගාවලියට සහභාගි වීම සඳහා කටාර් කණ්ඩායම මෙම මස 27 වැනිදාද, ඉන්දීය සහ කසකස්තාන කණ්ඩායම් මෙම මස 28 වැනිදාද දිවයිනට පැමිණීමට නියමිතය. 

මෙම මස 30 වැනිදා කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අවසන් පූර්ව දෙකේදී කටාරයට එරෙහිව කසකස්ථානයත්, ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවත් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක මැයි මස 4 වැනිදා ශූරතාව වෙනුවෙන්ද, පරාජයට පත්වන කණ්ඩායම් දෙක එදිනම තෙවැනි ස්ථානය වෙනුවෙන්ද තරග වදිනු ඇත. 

ශ්‍රී ලංකාව අවසන් වරට පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවලියකට සහභාගි වූයේ මීට වසර 5 කට පෙර එනම් 2019 වසරේදී වන අතර චීන තායිපේහි පැවැති එම තරගාවලියේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත් විය. එහි අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ පරාජයට පත් වූ ශ්‍රී ලංකාව, තෙවැනි ස්ථානයට හිමිකම් කීවේ සත්කාරක චීන තායිපේ පරාජය කරමිනි. 


ක්‍රීඩකයන් 40 දෙනාගේ සංචිතය 

■ ප්‍රොප් ක්‍රීඩකයන් : ජනිඳු ප්‍රනාන්දු, ෂෙහාන් සිල්වා සහ ෆයිසාල් අබ්දුල්ලා (හැව්ලොක්ස්), චරිත් සිල්වා සහ දුෂ්මන්ත ප්‍රියදර්ෂන (සී.එච්.), ස්ටීවන් ග්‍රෙගරි (නාවික හමුදාව) සහ අම්ජාඞ් ෆවුමි (පොලිසිය) 
■ හුකර් ක්‍රීඩකයන් : පුලස්ති දසනායක (සී.එච්.), අස්මිර් ෆාජුඩීන් (හැව්ලොක්ස්) සහ වෙනුර කොදාගොඩ (සී.ආර්.) 
■ ලොක් ක්‍රීඩකයන් : සොහිරු ඇන්තනී (සී.ආර්.), මොහාන් විමලරත්න (පොලිසිය), නාලක මධුරංග (යුද හමුදාව) සහ ශෂික ප්‍රනාන්දු (ගුවන් හමුදාව) 
■ ෆ්ලෑන්කර් ක්‍රීඩකයන් : අදීෂ වීරතුංග සහ රවීන් ද සිල්වා (සී.ආර්.), චතුරංග කුදීලගේ (මහනුවර), ළහිරු තිලකරත්න (පොලිසිය) සහ ධනංජය සෙනෙවිරත්න (නාවික හමුදාව) 
■ නොම්බර 8 ක්‍රීඩකයන් : ලසිඳු කරුණාරත්න (සී.ආර්.), ජනිත් ලක්සර (සී.එච්.), ඔලිවර් බකල් (හැව්ලොක්ස්), විහඟ පිවිතුරු (පොලිසිය) 
■ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයන් : හේෂාන් ජැන්සන් (මහනුවර), කවිඳු කොස්තා (සී.ආර්.) සහ මොහොමඞ් රිෆාන් (හැව්ලෙක්ස්) 
■ ෆල්යි හාෆ් ක්‍රීඩකයන් : තේනුක නානායක්කාර (සී.ආර්.) සහ දිනේෂ් ද සිල්වා (සී.එච්.) 
■ ඉන්සයිඞ් සෙන්ටර් ක්‍රීඩකයන් : ආකාෂ් මධුෂංක (පොලිසිය) සහ මනිල්ක රුබේරු (සී.ආර්.) 
■ අවුට් සයිඞ් සෙන්ටර් ක්‍රීඩකයන් : තරින්ද රත්වත්තේ (මහනුවර) සහ  හිරන්ත පෙරේරා (පොලිසිය) 
■ වින්ග් ක්‍රීඩකයන් : දිනාල් ඒකනායක (මහනුවර), සුදාරක දික්කුඹුර (යුද හමුදාව), සචිත් සිල්වා (පොලිසිය), දිනූප සෙනෙවිරත්න සහ රන්දිත වර්ණපුර (හැව්ලොක්ස්) 
■ ෆුල් බැක් ක්‍රීඩකයන් : සුබේර් දොරේ (සී.ආර්.) සහ හිරුෂ නෙත්මිණ (සී.එච්.) 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි අවසන් සංචිතය තේරීම අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.