Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්‍රලියානු යොවුන් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි-20 තරගාවලිය සහ එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර වෙත පැවරී තිබේ.
සංචිතයේ සිටින ක්‍රීඩකාවන් 15 දෙනාගෙන් ක්‍රීඩිකාවන් පස් දෙනෙක්ම රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සිසුවියෝ වෙති.
මනුදි නානායක්කාර යොවුන් තරග කිහිපයකදීම ශ්‍රී ලංකා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවූ පළපුරුදු ක්‍රීඩිකාවකි. කණ්ඩායමේ උප නායිකාව වශයෙන් මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි තෝරාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ දියණිය වන ලිමංසා තිලකරත්නද පා දඟ පන්දු යවන්නියක ලෙසින් ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම
මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විද්‍යාලය - මොරටුව), සංජනා කාවින්දි (දේවපතිරාජ විද්‍යාලය - රත්ගම), විමෝක්ෂා බාලසූරිය (සිංහල මහා විද්‍යාලය - ත්‍රිකුණාමලය), හිරුණි හංසිකා (දේවපතිරාජ විද්‍යාලය - රත්ගම), නෙතඟි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය - රත්ගම), රශ්මිකා සෙව්වන්දි (අනුර විද්‍යාලය - මාතර), ශෂිනි ගිම්හානි (දේවපතිරාජ විද්‍යාලය - රත්ගම), අශේනි තලගුණේ (මහාමායා බාලිකා විද්‍යාලය - මහනුවර), ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික පාසල - අම්පාර), දනෝද්‍යා සෙව්මිණි (ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය - පුත්තලම), චමුදි ප්‍රබෝධා (පඤ්ඤානන්ද විද්‍යාලය - මොනරාගල), ලිමංසා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය - රත්ගම), රිස්මි සංජනා (අනුර විද්‍යාලය - මාතර) සහ මිතාලි අයෝධ්‍යා (රජඇල මහා විද්‍යාලය - කන්තලේ)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.