Last Update  :  2026-05-11 18:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ආයතනය වැරදි නැතිනම් චෝදනාවලින් නිදහස් කරන්න

පාපන්දු ආයතනය වැරදි නැතිනම් චෝදනාවලින් නිදහස් කරන්න

editorial - 2026 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට තමන් චෝදනා කරන්නේ වගකීම් බාර ගනිමින් බවත් එසේ නොවන්නේ නම් ඔවුන් සාධාරණ විමර්ශනයකින් පසුව නිදොස් කිරීමකට තමා එකඟ බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි හිටපු ලේකම්වරයෙකු වන හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සෙනවීර මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය වසර කීපයකදී සිදුවී ඇතැයි කියන මුල්‍යමය වංචා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ඊට හිටපු ප්‍රවීණතම පාපන්දු ක්‍රීඩකයන් වන  නයිනා මොහොමඩ්, නවා ෆ්‍රින්ස්, සුගත් චන්දන හා ජේ.ජී.ප්‍රේමලාල් යන මහත්වරුද සහභාගි වූහ.

මාධ්‍ය හමුවේදී සුනිල් සෙනවීර මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් මෙසේද පැවැසීය.

" චෝදනා කළ පමණින් කෙනෙක් වැරදිකරුවන් වෙන්නේ නෑ.ඒක මමත් පිළිගන්නවා.ඒක නිසා තමයි මම කියන්නේ දැන් කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට අප විසින් එල්ල කරලා  තිබෙන ඩොලර් ලක්ෂ තුනක සිදුවීම ඇතුළුව දූෂණ චෝදනා විභාග කරන්න කියලා.එහෙම විභාග කළොත් එක්කෝ ඒ අය වැරදිකරුවන් වෙයි.නැතිනම් නිදහස් වෙයි.

අපි ඒ සම්බන්ධයෙන් පාපන්දු ආයතනයේ වත්මන් සභාපති ජස්වර් උමාර් මහතාට චෝදනා කළා.ඒ චෝදනා අපි අදත් එලෙසම කරනවා.ඔහු ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වීමේදී ලොකු කළබලයක් කරන්නත් උත්සහ ගත්තා.බලහාත්කාරයෙන් ඔහු සභාවට ඇතුළු වුණා.ඒ කාලයේ වත්මන් ජනාධිපතිවරයත් පාපන්දු ආයතනයට විවිධ චෝදනා කළා.ඒවා විභාග කරන්න දැන් ක්‍රීඩා ඇමැතිවරයාට පුළුවන්.

ජස්වර්ලාට පාපන්දු ආයතනයට මොන චෝදනා තිබුණත් ඒවා ගැන රටේ පාපන්දුවේ කිසිදු පාර්ශවයක් අද කතා කරන්නේ නෑ කියන එක මම පිළි ගන්නවා.ඒ ඔවුන්ට පාපන්දු ආයතනයෙන් අවාසි වෙයි කියලා වෙන්න ඇති.

සමහර විට ඔබ කියන රංජිත් රුද්‍රිගුලා ලෝක කුසලාන තරග බලන්න යන්න තියෙන ආසාවෙන් පාපන්දු ආයතනයේ ප්‍රශ්න කතා කරන්න උනන්දු නැතිව ඇති.මම දන්න විදියට කැනඩාවේ ජාත්‍යන්තර පාපන්දු මහ සමුළුවට එයා ගියාට එයා මේ වෙන කොට පාපන්දු ආයතනයේ තනතුරු වලින් ඉවත් වෙලා ඉන්නේ.

මනීල් ප්‍රනාන්දු, රංජිත් රුද්‍රිගු, අනුර සිල්වා ගැන මම කතා කරන්න යන්නේ නෑ. නමුත් පාපන්දු ආයතනයේ දූෂණ මම එදත් කතා කළා අදත් තනියෙන් කතා කරනවා. ඒවා මම ලේඛන සහිතව අද මාධ්‍යවේදීන්ට ලබා දීලා තිබෙනවා.ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් උඩට ගියා කියන්නේ රටේ පාපන්දු ක්‍රීඩාව උඩට ගියා කියන එක නෙමෙයි.


අදහස් (0)

පාපන්දු ආයතනය වැරදි නැතිනම් චෝදනාවලින් නිදහස් කරන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.