Last Update  :  2026-05-15 17:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධානීස් අලිගේ අභියාචනාව විමර්ශනය කිරීමට නිර්දේශ

ධානීස් අලිගේ අභියාචනාව විමර්ශනය කිරීමට නිර්දේශ

editorial - 2026 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

අප්‍රේල් 25 වැනිදා පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට (2026 -30) තරග වැදුණු සභාපති අපේක්ෂක, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාට එරෙහිව ආර්.ඒ.ධානීස් අලි මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට යොමු කළ අභියාචනාව (විරෝධතාව) විමර්ශනය කිරීම සදහා සුදුසු පියවර ගන්නා ලෙස එම කමිටුව විසින් නිර්දේෂ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුවත් කිරීමේ ලිපියක් පසුගිය මැයි 11වැනිදා දාතමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුතන් මහතා විසින් යොමු කර තිබේ.

ධානිස් අලි මහතා ජස්වර් උමාර් මහතාට එරෙහිව අදාළ විරෝධතාව භාරදී තිබුණේ පසුගිය අප්‍රේල් 24 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කැඳවීමට දිනක් ඉතිරිව තිබියදීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට තරග වැදුණු ජස්වර් උමාර් මහතාගේ සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ඔහු නිලවරණයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අලි මහතා අභියාචනා උපදේශක කමිටුවට මෙම අභියාචනාව භාරදී තිබුණි.

අච්චුතන් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේෂ යන මැයෙන් එම ලිපිය ඉදිරිපත් කර ඇත.ඒ අනුව වග උත්තරකාර ජස්වර් උමාර් මහතාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා නිත්‍යානුකූලව කටයුතු කිරීම, ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශව වෙතින් විමර්ශනය කැඳවීම, ජාතික ඔලිම්පික් කමිටුවේ විනිවිදභාවය හා යහ පාලනය තහවුරු කිරීම සදහා ක්‍රීඩා පනතේ 21වැනි වගන්තිය සංශෝධනය කර 6 (5) වගන්‍තිය සහ වෙනත් සුදුසුකම් හා නුසුදුසුකම් අර්ථකථනය කිරීමෙන් ඒ සදහා නුසුදුසු වන පුද්ගලයන් එහි නිලවරණයෙන් වැළැක්වීමට කටයුතු කරන ලෙසත් එහිදී එම නිර්දේෂ මගින් දක්වා තිබේ.


අදහස් (0)

ධානීස් අලිගේ අභියාචනාව විමර්ශනය කිරීමට නිර්දේශ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.