
නාමල් පතිරගේ
වෙළෙද සේවා වොලිබෝල් සංගමය මෙහෙයවන 13 වැනි (2026) වෙළෙද සේවා වොලිබෝල් තරග මාලාව සදහා කණ්ඩායම් වෙතින් ජූලි 30 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. මෙවර තරග මාලාව ලබන අගෝස්තු මාසයේදී ආරම්භ වන අතර අවසන් මහ තරග සැප්තැම්බර් මාසයේදී පැවැත්වේ.
එම සියළු තරග වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් පිටියේදී පැවැත්වෙන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෙළද සේවා වොලිබෝල් සංගමයේ සභාපති,ශ්‍රී ලංකා ටෙලිකොම් රජයේ ව්‍යාපාර අංශයේ සාමාන්‍යාධිකාරී තිලක් තිලකරත්න මහතා පැවැසීය.
කාන්ඩ හතරකින් කාන්තා හා පිරිමි ඉසව් පැවැත්වෙන අතර යොවුන් ක්‍රීඩකයන් ඇගයීම සදහා යොවුන් යනුවෙන් විශේෂ කාන්ඩයක්ද මෙවර පළමු වතාවට ඇතුළත් කර තිබේ.
වසර 2026 අප්‍රේල් 30 වැනිදාට පෙර සේවා ස්ථාන හා ආයතන වෙත බැදුණු සේවක සේවිකාවන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් සදහා මෙවර තරගාවලිය විවෘත වන බව තරග සංවිධායකයෝ පවසති.
සුපිරි ලීග්,ශූරතා,ඒ කාන්ඩය හා යොවුන් යන පරිදි කාන්ඩ හතරක කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වේ.මුදලින් රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ජයග්‍රාහී කණ්ඩායම්,අනුශූරතාලාභී කණ්ඩායම් හා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.ඒ හැරෙන්නට ඔවුන් සියළු දෙනාට අභියෝග ශූරතා කුසලාන පදක්කම්,සහතික පත්‍ර ප්‍රදානය කිරීමටද වෙළද සේවා වොලිබෝල් සංගමය කටයුතු යොදා තිබේ.
එහි සභාපති තිලක් තිලකරත්න මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ සිය සංගමය මෙරට ජාතික ක්‍රීඩාවේ නියැළී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා සපයන එමෙන්ම ජාතික ක්‍රීඩාව නගා සිටුවන වේදිකාවක් බවට පත්ව තිබෙන බවත්ය.
එසේම මෙවර තරග මාලාවේ ජය සංකේත ප්‍රදානෝත්සව වේදිකාවේදී මෙරට වොලිබෝල් ප්‍රවීනයන් පිරිසක් ඇගයීමට ලක් කිරීමටත් වෙළද සේවා වොලිබෝල් සංගමය තීරණය කර තිබේ.
තරගාවලිය පිළිබදව වැඩි තොරතුරු දුරකථන අංක 0710682682 හෝ 0775320050 ඔස්සේ ලබා ගත හැකිය.
තරග අයැදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය පිළිබදව දැනුවත් වීම සදහා www.mva.lk යන වෙබ් අඩවියට පිවිසිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.