Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දමින්ද විජේසූරිය
කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් සති දෙකක පමණ කාලයකි. මෙවර කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන් ‘මෙඩෝලී’ මාගරින් ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි අංශ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වීමෙන් තමන් ඉලක්ක කරගත් ප්‍රේක්ෂක ප්‍රජාව තුළ සිය වෙළෙඳ නාමය තව දුරටත් ප්‍රචලිත කිරීමට මෙඩෝලී නිෂ්පාදකයන්ට අවස්ථාව උදාවන බවයි.
“ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින සෑම අවස්ථාවකදීම අපි මෙඩෝලි වෙළෙඳ නාමය ලෝකය පුරා ප්‍රචලිත කරනවා” යයි ද උපුල් නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේය.
මේ අතර පිරමිඩ් විල්මර් පුද්ගලික සමාගමේ විකිණුම් සහ අළෙවි උපදේශක හිරන්ත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව වන්නා සේම මෙඩෝලීද කාන්තාවන් අතරේ ජනප්‍රිය සන්නාමයක් බවයි. කෙසේ වෙතත් හුදෙක් අනුග්‍රාහකයකු පමණක් බවට පත් නොවී ඉන් එහාට ගිය සේවාවක් සහ කැපවීමක් මගින් හෙට දවසට පිවිසෙන ක්‍රීඩිකාවන්ට දිරි දීමේ හොඳම වෙලාව මෙය බවත් හිරන්ත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා සිට නොවැම්බර් 02 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහටි නගරයේදී පැවැත්වේ. මූලික වටයේ තරග 11 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පලමු වටයේදී තරග 7 කට සහභාගි වෙයි. මේ වන විට ලෝකයේ කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ද නැතුවා නොවේ.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.