Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ මූලික වටය යටතේ අද (20 වැනිදා) පැවැති ‘ඩී’ කාණ්ඩයේ තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 24-12 ක ජයක් වාර්තා කිරීමට මැලේසියානු කාන්තා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-05 ක් ලෙස පෙරමුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවද, දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ මැලේසියානු ක්‍රීඩිකාවෝ ලකුණු 19 ක් ලබාගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේ එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.
තෙවැනි විනාඩියේදී දිල්කි සත්සරනි ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සංජීවනී විජේතිලක එය ගෝල දිනුමක් බවට පත් කළාය. සිවුවැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ ආලියා නබිලා මැලේසියාව තරගයට අවතීරණ කළ නමුත් එහි ප්‍රවර්ථනය අසාර්ථක විය.
පළමු අර්ධයේ අවසන් විනාඩියේදී මධ්‍ය රේඛාව ආසන්නයේ සිට තනිවම දිවගොස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කිරීමට දිල්කි සත්සරනි සමත් වූවාය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සරනි නයනතාරා ලකුණු තත්වය 14-05 ක් බවට පත් කරමින් දෙවැනි අර්ධය ආරම්භ වන විට දෙපිල අතර ලකුණු පරතරය වැඩි කළාය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 9 වැනි සහ 10 වැනි විනාඩිවලදී මැලේසියාව වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සිති තජුඩින් සමත් වූ අතර නූර් අසාර්ට සාර්ථක කරගත හැකි වූයේ එම උත්සාහක දිනුම් දෙකෙන් පළමු වැන්නේ ප්‍රවර්ථනය පමණි. ඒ අනුව මැලේසියාවේ ලකුණු සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගියේය.
විනාඩි 2 ක් පුරා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 3 ක් ඉදිරියෙන් සිට මැලේසියානු කණ්ඩායම වෙනුවෙන් 12 වැනි විනාඩියේදී තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට දිනා සදාලි සමත් වූවාය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කළ නූර් අසාර් ලකුණු 24-14 ක් ලෙස මෙම තරගයෙන් පහසු ජයක් තම කණ්ඩයමට අත්කර දුන්නාය.
මූළික වටය යටතේ සහභාගි වූ පළමු තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සත්කාරක චීනය හමුවේ ලකුණු 44-00 ක දැවැන්ත පරාජයක් ලැබීය. ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව අද පස්වරු 3.18 ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.