Last Update  :  2026-03-13 13:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වයස 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියක්

වයස 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියක්

editorial - 2026 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සහයෝගය ද ඇතිව,  දිස්ත්‍රික් කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන්  සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ විය. මෙම තරගාවලිය අප්‍රේල් මස 08 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

තරගාවලිය විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙන අතර පළාත් මට්ටමින් තරග පැවැත්වේ. කෙසේ වෙතත් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියරක් හෝ අවසන් මහ තරගයක් නොපැවැත්වෙන බැවින් තරගාවලියේ ශූරියන් කවුරුන් ද යන්න තෝරා ගැනීමක් නොකෙරේ.  තරගාවලිය පැවැත්වෙන්නේ හුදෙක් තරුණ ක්‍රීඩිකාවන්ට තරග කිරීමේ අවස්ථාවක් සලසාදීම වෙනුවෙන් පමණක් වන බැවින්, සෑම කණ්ඩායමක්ම තමන්ගේ පළාත් කාණ්ඩයේ අනෙක් සියලුම කණ්ඩායම් සමගින් තරග දෙකකට බැගින් සහභාගි වීමේ අවස්ථාව තිබේ.

අවුරුදු 19න් පහළ පාසල් වයස් කාණ්ඩය නියෝජනය කිරීමෙන් අනතුරුව පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් ඉවත්වන ක්‍රීඩිකාවන්ට තවදුරටත් තරඟකාරී මට්ටමින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කර තිබේ. 

මෙම තරගාවලියේ ප්‍රධාන ඉලක්ක කිහිපයකි.

  • දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේදස්කම් වඩාත් දියුණු තත්ත්වයකට පත්කිරීම
  • තරුණ ක්‍රීඩිකාවන්ට වඩාත් තරගකාරී වේදිකාවක් සකස් කිරීම
  • සමස්ත දිවයිනේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය වඩාත් උසස් මට්ටමකට පත්කිරීම
  • ශ්‍රී ලංකා කාන්තා තේරීම් කමිටුවේ කාර්යයන් වඩාත් පහසු කිරීම
  • ජාතික කණ්ඩායම තෝරා ගැනීමේදී දේශීය කාන්තා තරගාවලි වලින් වැඩි බලපෑමක් ඇති කිරීම
  • ක්‍රීඩිකාවන්ට ජාතික කාන්තා කණ්ඩායම කරා යාමට වඩාත් පහසු මාර්ගයක් සපයා දීම
  • ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනේදීම දස්කම් දැක්විය හැකිවන පරිදි තරුණ කාලයේදීම ඒ ඒ ආකෘති වෙනුවෙන් පුහුණුවීම සඳහා ක්‍රීඩිකාවන්ට අවස්ථා ලබාදීම
  • දිවයින පුරා විසිරී සිටින තරුණ හා දක්ෂ ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයා දීම.

දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25 ම සෘජුවම මෙම තරඟාවලියට සම්බන්ධ වන අතර, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීමත්, නව ක්‍රීඩිකාවන් හඳුනාගෙන ජාතික මට්ටමට ගෙන ඒමත් මෙහි තවත් අරමුණක් වේ. කෙසේ වෙතත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන වැඩිම පාසල් සංඛ්‍යාවක් පිහිටි කොළඹ දිස්ත්‍රික්කය කොළඹ උතුර සහ කොළඹ දකුණ ලෙස කණ්ඩායම් දෙකකට වෙන්කරමින් මෙම තරඟාවලියට ඇතුළත් කර තිබේ. ඒ අනුව තරගාවලියට ඇතුළත් සම්පූර්ණ තරග සංඛ්‍යාව 60 කි.

 

තරඟාවලියට සම්බන්ධ වන දිස්ත්‍රික් කණ්ඩායම්

බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය (තරග 8 යි)
කොළඹ (උතුර), කොළඹ (දකුණ), කලුතර සහ ගම්පහ,

දකුණු පළාත් ක්‍රිකට් සංගමය (තරග 6 යි)
ගාල්ල, මාතර සහ හම්බන්තොට

මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමය (තරග 6 යි)
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය

උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමය (තරග 6 යි)
අනුරාධපුර, මාතලේ සහ පොළොන්නරුව

උතුරු පළාත් ක්‍රිකට් සංගමය (තරග 20 යි)
යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව

ඌව පළාත් ක්‍රිකට් සංගමය (තරග 6 යි)
රත්නපුර, බදුල්ල සහ මොණරාගල

නැගෙණහිර පළාත් ක්‍රිකට් සංගමය (තරග 6 යි)
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය

වයඹ පළාත් ක්‍රිකට් සංගමය (තරග 2 යි)
කුරුණෑගල සහ පුත්තලම


අදහස් (0)

වයස 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.