Last Update  :  2025-12-16 15:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලානය කොළඹ එයි

ලෝක කුසලානය කොළඹ එයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය අද (4 වැනිදා) පෙරවරුවේදී ශී‍්‍ර ලංකාවට රැගෙන එන ලදි. මෙම අවස්ථාවේදී ලෝක කුසලානය පිළිගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීහු කිහිප දෙනෙක්ම කටුනායක ගුවන් තොටුපොළට ගියහ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල ප‍්‍රදර්ශනය සඳහා මෙම කුසලානය රැගෙන යන අතරවාරයේදී එය ශී‍්‍ර ලංකාවටද ගෙන එන ලදි. අද පෙරවරුවේදී කටුනායක ගුවන් තොටුපොළේදී පැවැති උත්සවයකදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක ළහිරු තිරිමාන්න දෙදෙනා ලෝක කුසලානය සමගින්.

2015 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් හි හැග්ලි  ඕවල් පිටියේදී පැවැත්වේ.


ඡායාරූපය : ගුවන් තොටුපොළ දීපා අධිකාරී


අදහස් (0)

ලෝක කුසලානය කොළඹ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.