Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්ෂාන් - කවිෂ්ක ගාල්ල පිල බේරා ගනිති
ජාතික සුපිරි ලීගය

ලක්ෂාන් - කවිෂ්ක ගාල්ල පිල බේරා ගනිති

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින  තරගය ඊයේ (21 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම තරගය නිමාවට පත්වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටි අතර ඒ වන විට ලක්ෂාන් එදිරිසිංහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද, කවිෂ්ක අංජුල හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටියහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෂීන් ඩැනියෙල් ලකුණු 59 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. 

ගාල්ල දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 157 ක් වන විට 7 වැනි කඩුල්ලත් බිඳවැටුණු අතර ඔවුන්ගේ අවසන් කඩුලු 3 දවාගැනීම සඳහා මහනුවර පන්දු යවන්නන්ට ඕවර 10 කට වඩා ඉතිරිව තිබිණ. කෙසේ වුවත් එම අවස්ථාවේදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ලක්ෂාන් සහ කවිෂ්ක සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගත්හ.

ලකුණු 160 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ මහනුවර කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා ගාල්ල කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ළහිරු උදාර දෙවැනි ඉනිමේදී ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 365 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ගාල්ල කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි. එහිදී මහනුවර කණ්ඩායමේ සහන් ආරච්චිගේ (88) සහ අහන් වික්‍රමසිංහ (63) ද, ගාල්ල කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (67) සහ දිනේෂ් චන්දිමාල් (69) ද අර්ධ ශතක ලබාගත්හ. 


මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 365 
(කසුන් විදුර 45, ළහිරු උදාර 100, ලසිත් ලක්ෂාන් 17, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, උදිත් මධුෂාන් 46/5, මිලාන් රත්නායක 56/2, රමේෂ් මෙන්ඩිස් 75/2) 

ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 205
(පසිඳු සූරියබණ්ඩාර 67, දිනේෂ් චන්දිමාල් 69, ප්‍රවීන් ජයවික්‍රම 18, චාමික ගුණසේකර 31/3, අෂීන් ඩැනියෙල් 64/3, ලසිත් ඇඹුල්දෙණිය 71/3) 

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 190 
(කසුන් විදුර 34, ළහිරු උදාර 74, කමිල් මිෂාර 19, ලසිත් ලක්ෂාන් 25, සහන් ආරච්චිගේ නොදැවී 17, රමේෂ් මෙන්ඩිස් 73/3) 

ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 201 
(සංගීත් කුරේ 18, ඕෂධ ප්‍රනාන්දු 75, සොහාන් ද ලිවේරා 18, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 36, කවිෂ්ක අංජුල නොදැවී 30, අෂීන් ඩැනියෙල් 59/5) 


අදහස් (0)

ලක්ෂාන් - කවිෂ්ක ගාල්ල පිල බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.