Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන හත්වැනි එක්දින සීමිත ඕවර තරගයේදී පන්දු 156 කින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් තුන්වැනි පිතිකරුවා බවට පත්විය.
මෙම පිතිකරුවෝ තිදෙනාම ඉන්දීය කී‍්‍රඩකයෝ වෙති. බැංගලෝරයේ චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සිය ඉනිමට හයේ පහර 16 ක් ඇතුළත් කළ රෝහිත් ෂර්මා එක්දින තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ කී‍්‍රඩකයා ලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් විය. රෝහිත් ෂර්මාගේ මෙම ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 383 ක් ලබාගත්තේය.
පන්දු 114 කදී සිය ශතකය පසුකළ රෝහිත් ෂර්මා, ඉතිරි ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 42 ක් පමණි. රෝහිත් ලකුණු 120 ක් ලබා සිටියදී උඩපන්දුවක් දුන්නද හතරේ සීමාව ආසන්නයේම පන්දු රකිමින් සිටි මෝසස් හෙන්රිකස්ගේ ඇගිළි අතරින් ඇදී ගිය පන්දුව හතරේ සීමාවෙන් එපිට පතිත වීම නිසා රෝහිත්ට ලකුණු 6 ක් හිමිවිය.
එක්දින තරග වලදී ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවෝ
219 - විරෙන්දර් සෙවැග් (බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව) ඉන්ඩෝර්හිදී
209 - රෝහිත් ෂර්මා ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) බැංගලෝරයේදී
200 - සචින් තෙන්ඩුල්කාර් (දකුණු අපි‍්‍රකාවට එරෙහිව) ග්වයිලර්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.