Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව අතිශය දුර්භාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දුන් 1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය බාරගනිමින් එය නව මාවතකට යොමු කළ රියෙන්සි ටී. විජේතිලක මහතා අද (4 වැනිදා) පෙරවරුවෙදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 85 වැනි වියේ පසුවූ විජේතිලක මහතා ශ්‍රී ලංකා හැටන් නැෂනල් බැංකුවේ සිටි කීර්තිමත් සභාපතිවරයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිමත් යුගයක් 1999 දී නිමාවට පත්වූයේ ඒ වන විට පැවැති දේශපාලනික අලකලංචි හේතුවෙනි.
අතිශය අර්බුදකාරී වාතාවරණයක් යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති තනතුර බාරගත් රියෙන්සි විජේතිලක මහතා සහ ඔහුගේ කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා වශයෙන් සනත් ජයසූරිය පත්කරමින් ඒ වන විට ශ්‍රී ලංකාව හැරගොස් සිටි පුහුණුකරු ඩැව්නෙල් වට්මෝර් මහතාවත් නැවත ශ්‍රී ලංකාවට කැඳවාගෙන ආවේය.
විජේතිලක මහතාගේ අතුරු කමිටුවට පත්කළ සාමාජිකයෝ ලෙසින් එස්. ස්කන්ධකමාර් (උස සභාපති සහ ලේකම්), මයිකල් තිසේරා, සිදත් වෙත්තමුණි සහ අසන්ත ද මැල් යන මහත්වරු කටයුතු කළහ. පසුව ස්කන්ධකුමාර් මහතාගේ වෘත්තීමය වගකීම් වඩාත් වැඩි වූයෙන් කුෂිල් ගුණසේකර මහතාත් 1999 ක්‍රිකට් අතුරු කමිටුවට එක්විය.
අතුරු කමිටුව පත්වීමෙන් පසුව සංවිධානය කෙරුණු පළමු තරගාවලියේදීම 1999 ලෝක ශූරයන් වූ ඕස්ටේ්‍රලියාව පරදවා ‘අයිවා කුසලාන’ තුන්කොන් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පසුව 2001 සහ 2002 වකවානුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගත් අතර එම ජයග්‍රහණ මාලාවේ අවසන් පුරුක වූයේ ආසියානු ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.