Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව 33-10 කින් නාවික හමුදාව පරදවයි
අන්තර් සමාජ පළමු පෙළ රග්බි

යුද හමුදාව 33-10 කින් නාවික හමුදාව පරදවයි

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 33-10 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-00 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වුවද, දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 33 ක් ලබාගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එහිදී නාවික හමුදාවට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් නොදීමටද යුද හමුදා ක්‍රීඩකයෝ වග බලාගත්හ. 

යුද හමුදාව ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගනිද්දී, නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. නාවික හමුදාවේ කූජන කුලතුංග 21 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පතක් ලැබීය. 

යුද හමුදාව වෙනුවෙන් සුදාරක දික්කුඹුර 49 වැනි සහ 68 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 2 ක්ද, ලසන්ත කුමාර 55 වැනි විනාඩියේදීද, සම්පත් විජේරත්න 61 වැනි විනාඩියේදීද, ළහිරු රත්නායක 78 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 4 ක ප්‍රවර්ථනයන් සාර්ථක කර ගනු ලැබුවේ අෂාන් බණ්ඩාර විසිනි. 

ගුවන් හමුදාව වෙනුවෙන් ධනංජය සෙනෙවිරත්න 11 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය මෙන්ම 27 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමි වූ දඬුවම් පහරද සාර්ථක කරගැනීමට ස්ටීවන් සැන්සෝයි සමත් විය. 


අදහස් (0)

යුද හමුදාව 33-10 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.