Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති
ජාතික සුපිරි ලීගය

යාපනය ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත් විය. 

තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම, කඩුලු 5 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටියේය. ඒ වන විට හිමාෂ ලියනගේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක්ද, චමිඳු වික්‍රමසිංහ හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 348 ක් ලබාගත් අතර එහිදී නුවනිඳු ප්‍රනාන්දු (105) ශතකයක්ද, ෂෙවෝන් ඩැනියෙල් (78) සහ හිමාෂ ලියනගේ (56) අර්ධ ශතකද ලබාගත්හ. 

ඊට පිළිතුරු වශයෙන් යාපනය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 359 ක් ලබාගත් අතර නිෂාන් මධුෂ්ක (60), ළහිරු මධුෂංක (58) සහ ජෙෆ්රි වැන්ඩසේ (53) අර්ධ ශතක ලබාගනිමින් යාපනය ඉනිම සවිමත් කළහ. 


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 348 
(දිමුත් කරුණාරත්න 19, ෂෙවොන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර 16, චමිඳු වික්‍රමසිංහ 22, ළහිරු මධුෂංක 39/3, රවිඳු ප්‍රනාන්දු 74/2, ජෙෆ්රි වැන්ඩසේ 77/2) 

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 359 
(නිෂාන් මධුෂ්ක 60, හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 31, සන්තුෂ් ගුණතිලක 24, ශෂික දුල්ෂාන් 22, රවිඳු ප්‍රනාන්දු 40, ළහිරු මධුෂංක 58, ජෙෆ්රි වැන්ඩසේ 53, ඉසිත විජේසුන්දර 49/3, නිසල තාරක 79/3, චමිඳු වික්‍රමසිංහ 34/2) 

කොළඹ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 142 
(නුවනිඳු ප්‍රනාන්දු 32, හිමාෂ ලියනගේ නොදැවී 51, රවිඳු ප්‍රනාන්දු 67/3, ශෂික දුල්ෂාන් 47/2) 

 

ඉසිත විජේසුන්දර...

 

ශෂික දුල්ෂාන්...


අදහස් (0)

යාපනය ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.