Last Update  :  2025-06-30 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේලට ආරම්භක පිතිකරුවා වෙන්නත් පුළුවන්

මහේලට ආරම්භක පිතිකරුවා වෙන්නත් පුළුවන්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ‍්‍රී ලංකා එක්දින පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව තවමත් විවෘතව පවතින බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

”මහේලට අවස්ථාව තාම විවෘතයි. ඒ පිළිබදව තේරීම් කමිටුවත් සමග සාකච්ඡ කළ යුතුයි. අපි කුසල්ට අවස්ථාව ලබා දුන්නා. ඔහු පසුගිය තරග දෙකේ තරමක සාර්ථක බවක් පෙන්නුවා”

”සියලූම අවස්ථා තාම විවෘතයි. ලෝක කුසලානයට පෙර තරග 9 ක් තියෙනවා. සියලූම පරික්‍ෂණයන් එහිදී කළ යුතුයි”

ඉන්දියාවේදී 5-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජයට පත්වූ තරගාවලිය අතරතුරදී මහේල පවසා තිබුණේ තමන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි. කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා නොසතුට පළකර තිබූ බව ද වාර්තා විය.


අදහස් (2)

මහේලට ආරම්භක පිතිකරුවා වෙන්නත් පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.