එංගලන්තයේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයට වසර 200 ක් පිරීම නිමිත්තෙන් ලෝක කණ්ඩායම සහ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජ කණ්ඩායම අතර ඊයේ (5 වැනිදා) එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කී‍්‍රඩක බ්‍රෙට් ලී විසින් යවන ලද පන්දුවක් වැදීමෙන් ෂේන් වෝන්ගේ දකුණු අතේ අස්ථිය බිඳී ගොස් තිබේ.
ලෝකයේ නන් දෙස සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් අතුරින් තෝරාගන්නා ලද කී‍්‍රඩකයන්ගෙන් දෙපිලම සමත් වූ අතර ෂේන් වෝන් ලෝක කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් කී‍්‍රඩා කරන සමයේදී වෝන්ගේ කණ්ඩායම් සගයකු වූ බ්‍රෙට් ලී එම්. සී. සී. පිල වෙනුවෙන් කී‍්‍රඩා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ලෝක කණ්ඩායම වෙනුවෙන් වෝන් පන්දුවට පහර දෙමින් සිටියදී බ්‍රෙට් ලී විසින් යවන ලද පන්දුවක් වෝන්ගේ දකුණු අතේ වැදීම නිසා වෝන් මහත් වේදනාවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. පසුව කරන ලද පරීක්‍ෂණ වලින් තහවුරු වූයේ වෝන්ගේ අස්ථියක් බිඳී ඇති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.