Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසියට ගුවන් ප්‍රහාරයක්

පොලිසියට ගුවන් ප්‍රහාරයක්

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ සෙනසුරාදා (17 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පොලිසියට එරෙහිව ලකුණු 26-05 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම තරගයේදී පරාජයට පත්වුවද, පොලිසිය මෙවර තරගාවලියේ පළඟ ශූරයන් ලෙස අභිසෙස් ලැබීය.  

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-05 ක් ලෙස පෙරමුණ ගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී පොලිසියට එක් ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩක් ලබා නොදෙමින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 14 ක් එක්කර ගත්හ. එහිදී ගුවන් හමුදාව ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර පොලිසිය ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන් 10 වැනි විනාඩියේදීද, ඉසුරු ජයරත්න 23 වැනි විනාඩියේදීද, පත්මසංක ප්‍රමෝද් 71 වැනි විනාඩියේදීද, ශෂික ප්‍රනාන්දු 80 වැනි විනාඩියේදී උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට පත්මසංක ප්‍රමෝද් සමත් විය.

පොලිසිය වෙනුවෙන් සමීර ජයසිංහ 33 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර පොලිස් කණ්ඩායමේ මොහාන් විමලරත්න 80 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. 

 


අදහස් (0)

පොලිසියට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.