Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසිය 29-27 කින් ගුවන් හමුදාව පරදවයි

පොලිසිය 29-27 කින් ගුවන් හමුදාව පරදවයි

editorial - 2024 පෙබ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 29-27 ක තියුණු ජයක් වාර්තා කිරීමට පොලිසිය ඊයේ (28 වැනිදා) සමත් විය. 

කොළඹ සී.ආර්. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 17-17 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවිය. දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව ලකුණු 10 ක් ලබාගනිද්දී, පොලිසිය ලකුණු 12 ක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය. 

පොලිසිය ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 3 ක්, ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී පොලිසිය වෙනුවෙන් ෂේන් හෝවුඩ්ද (5 වැනි විනාඩියේදී), ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන්ද (43 වැනි විනාඩියේදී) ඩ්‍රොප් ගෝල වාර්තා කළහ. 

පොලිසියේ දේෂාන් ප්‍රනාන්දු 15 වැනි විනාඩියේදීද, ආකාෂ් මධුෂංක 40 වැනි විනාඩියේදීද, ෂේන් හෝවුඩ් 44 වැනි විනාඩියේදීද, මිතුන් හපුගොඩ 73 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් ප්‍රින්ස් චාමර විසින්ද, එක් ප්‍රවර්ථනයක් ෂේන් හෝවුඩ් විසින්ද සාර්ථක කරගනු ලැබිණ. 

ගුවන් හමුදාවේ කවීෂ රුචිරත්න 9 වැනි විනාඩියේදීද, උදේෂ් මධුෂංක 38 වැනි විනාඩියේදීද, ශෂික ප්‍රනාන්දු 51 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් මෙන්ම 25 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය. 

පොලිසියේ හිරන්ත පෙරේරා (56 වැනි විනාඩියේදී) සහ උදය සංජුල (68 වැනි විනාඩියේදී) ද, ගුවන් හමුදාවේ ශෂික ප්‍රනාන්දු (56 වැනි විනාඩියේදී) සහ තරිඳු දාබරේ (72 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබූහ. මෙම තරගයේදී පොලිසිය ක්‍රීඩක ආදේශ කිරීම් 4 කද, ගුවන් හමුදාව ක්‍රීඩක අදේෂ කිරීම් 7 කද නිරත වූහ

 


අදහස් (0)

පොලිසිය 29-27 කින් ගුවන් හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.