Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිස් - හැව්ලොක්ස් අවසන් සටන අනිද්දා
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

පොලිස් - හැව්ලොක්ස් අවසන් සටන අනිද්දා

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ‘ක්ලිෆර්ඩ් කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පොලිසිය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන අවසන් මහ තරගය අනිද්දා (9 වැනිදා) පස්වරු 3.45 සිට කොළඹ 7, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

අවසන් පූර්ව වටයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 40-16 ක ජයක් වාර්තා කරමින් පොලිසිය අවසන් මහ තරගයට පිවිසි අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් තරගයට පිවිසියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 37-27 ක ජයක් වාර්තා කරමිනි. 

මෙවර තරගාවලියේදී අස්මිර් ෆාජුඩීන් විසින් හැව්ලොක් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර මොහාන් විමලරත්න පොලිස් කණ්ඩායම මෙහෙයවනු ලැබේ. සාලිය කුමාර මහතා හැව්ලොක් කණ්ඩායමේත්, නිල්ෆර් ඊබ්‍රහීම් මහතා පොලිස් කණ්ඩායමේත් පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

මෙවර ලීග් රග්බි තරගාවලියේ ශූරයන් වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, එහි පළඟ ශූරයන් වූ පොලිසිය හමුවේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේදී පරාජයට පත්වීම වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය. ලීග් රග්බි තරගාවලියේ අනු ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සහභාගි වීමෙන් වැළකී සිටියේය. 

පොලිස් සංචිතය 
මොහාන් විමලරත්න (නායක), හෆීස් තබීත්, දේෂාන් ප්‍රනාන්දු, අම්ජාඩ් ෆවුමි, උදය සංජුල, ළහිරු තිලකරත්න, ශානක හරිස්චන්ද්‍ර, විහඟ පවිතුර, ප්‍රිමේෂ් ධනුෂ්ක, ප්‍රින්ස් චාමර, සුජාන් කොඩිතුවක්කු, හිරන්ත පෙරේරා, ආකාෂ් මධුෂංක, සචිත් සිල්වා, ෂේන් හොප්වුඩ්, ධනුෂ්ක එදිරිසිංහ, විහඟ ශවීන්, හෂාන් ප්‍රනාන්දු, සමීර ජයසිංහ, චමත් ඉරෝෂන්, මිතුන් හපුගොඩ, නවීන් කණිෂ්ක සහ රුක්ෂාන් මධුෂංක, නිල්ෆර් ඊබ්‍රහීම් මහතා (පුහුණුකරු), දුලාංජන විජේසිංහ මහතා (සහාය පුහුණුකරු) සහ චාමික රණසිංහ මහතා (කලමණාකරු) 

හැව්ලොක් සංචිතය 
අස්මිර් ෆාජුඩීන් (නායක), අබ්දුල්ලා ෆයිස්, ජනිඳු ප්‍රනාන්දු, සූරියා දොඩන්ගොඩ, ක්‍රිස්ටියන් ද ලී, සෙනාල් සිල්වා, දිල්ෂාන් චතුර, ඔලිවර් බක්ල්, රිෆාන් මොහොමඩ්, සන්දේෂ් ජයවික්‍රම, ජයතු රාජරත්න, මුෂින් ෆලීල්, දිනූප සෙනෙවිරත්න, රන්දිත වර්ණපුර, ජනිත් චන්දිමාල්, චරණ සෙන්දනායක, උදාර ලක්ෂාන්, ෂෙහාන් සිල්වා, ෂෙහාන් ඩයස්, රවීන් ප්‍රනාන්දු, චානක චන්දිමාල්, සැමුවෙල් මධුවන්ත, හරුෂ පෙරේරා, සාලිය කුමාර මහතා (පුහුණුකරු), ධනුෂ්ක බොතේජු මහතා (සහාය පුහුණුකරු) සහ රුක්ලාන් කබ්රාල් මහතා (කලමණාකරු)

 


අදහස් (0)

පොලිස් - හැව්ලොක්ස් අවසන් සටන අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.