Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලාඞ් - ස්ටාක් දෙදෙනාම දඩ කති

පොලාඞ් - ස්ටාක් දෙදෙනාම දඩ කති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර පසුගිය අඟහරුවාදා (6 වැනිදා) මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කි‍්‍රකට් නීති රීති උල්ලංඝණය කරමින්, ඉතාමත් අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් කරන් පොලාඞ්ගේ තරග මුදලින් 75% ක් ද, මිචෙල් ස්ටාක්ගේ තරග මුදලින් 50% ක් ද, දඩ ලෙස ගෙවිය යුතුයයි තරග සංවිධාකයෝ තීරණය කළහ.

බැංගලෝර් පිල නියෝජනය කරන වේග පන්දු යවන්නකු වන  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක මිචෙල් ස්ටාක් යැවූ 17 වැනි  ඕවයේ සිවුවැනි පන්දුව කොදෙව් පිතිකරු කරන් පොලාඞ්ට බවුන්සර් පන්දුවක් ලෙස යොමු කළ අතර අනතුරුව ස්ටාක් පොලාඞ්ට කිසියම් දෙයක් පැවසීය.

මිචෙල් ස්ටාක් ඊළග පන්දුව යැවීමට පැමිණෙනවාත් සමගම පොලාඞ් පන්දුවට පහර දීමෙන් ඉවත් වූ අතර එහිදී ස්ටාක් තණතීරුවෙන් ඉවත්ව යන පොලාඞ් වෙතට පන්දුව යොමු කළේය. කෝපාවිශ්ඨ වූ පොලාඞ් සිය පිත්ත ස්ටාක් වෙත දමා ගැසූ නමුත් එය ස්ටාක්ට නොවැදී බිම පතිත විය.

අනතුරුව ක‍්‍රීඩාංගණය තුළ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වූ අතර විනිසුරුවෝ මැදිහත්වී ගැටුම පාලනය කළහ.  

මෙහිදී පොලාඞ් සහ ස්ටාක් දෙදෙනාම අයි.පී.එල්. නීති රීති සංග‍්‍රහයේ දෙවැනි ශ්‍රේණියේ නීතියක් කඩකළ බව මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අයි.පී.එල්. පරීක්‍ෂණ කමිටුව තීරණය කර ඇති බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණි.

මේ අතර මුම්බායි පිලේ නායක රොහිත් ශර්මාට සහ බැංගලොර් පිලේ නායක විරාට් කෝලිට මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දඩ නියම කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව රෝහිත් ශර්මාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 24 ක් ද, එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ තරග මුදලින් 25% ක් දඩ වශයෙන් නියම කර තිබේ. ශර්මා මෙම තරගාවලියේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දඩගැසීමටක හසුවූ දෙවැනි අවස්ථාව මෙය වේ.

විරාට් කෝලි ඉන්දීය රුපියල් ලක්‍ෂ 12 ක දඩයකට යටත්කර තිබේ.

- 048

ඡායාරූපය : හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත අනුග‍්‍රහයෙනි

 


අදහස් (0)

පොලාඞ් - ස්ටාක් දෙදෙනාම දඩ කති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.