Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ශාන්ත පීතරයට

පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ශාන්ත පීතරයට

editorial - 2024 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 10-05 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 15-07 ක ජයක් වාර්තා කරමින් රාජයකීය විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත පීතර විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ලකුණු 21-07 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරමිනි. අවසන් මහ තරගයේදී ශාන්ත පීතරයෝ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කරද්දී රාජකීයන්ට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූ මොරටුව වේල්ස් කුමර, මහනුවර ධර්මරාජ, මහනුවර විද්‍යාර්ථ සහ පිළියන්දල මැදි විදුහල අතර පළඟ ශූරතාව වෙනුවෙන් තරග පැවැත්විණ. එහි අවසන් මහ තරගයේදී ලකුණු 24-12 කින් ධර්මරාජ විදුහල පරාජය කළ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ පළඟ ශූරතාවට හිමිකම් කීහ.

කොළඹ ලුම්බිණී විදුහල ලකුණු 24-00 ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර මහනුවර ශ්‍රී සුමංල විදුහල ලකුණු 12-07 ක් ලෙස පරාජය කරමින් එහි පලිහ ශූරතාව දිනාගැනීමට පාදුක්ක සිරි පියරතන විදුහල සමත් විය.

පාසල් 19 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ තරග A, B, C, D, E, F, G, H ලෙස කාණ්ඩ 8 ක් යටතේ පැවැත්විණ.

 

කුසලාන අවසන් පූර්ව තරග
රාජකීය විදුහල විසින් ලකුණු 15-07 ක් ලෙස ඉසිපතන විදුහල පරාජය කරන ලදි.
ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 21-07 ක් ලෙස විද්‍යා විදුහල පරාජය කරන ලදි.

කුසලාන අවසන් මහ තරගය
ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 10-05 ක් ලෙස රාජකීය විදුහල පරාජය කරන ලදි.

පළඟ අවසන් මහ තරගය
විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 24-12 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.

බඳුන අවසන් මහ තරගය
ආනන්දු විදුහල විසින් ලකුණූ 24-00 ක් ලෙස ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.

පලිහ අවසන් මහ තරගය  
සිරි පියරතන විදුහල විසින් ලකුණු 12-07 ක් ලෙස සුමංගල විදුහල පරාජය කරන ලදි.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ශාන්ත පීතරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.