ආසියානු කුසලාන - 2025
පාකිස්තානුවන් පළමු කඩඉම සාර්ථක කර ගනිති

මොහොමඩ් හැරිස්ගේ අර්ධ ශතක ඉනිම හේතුවෙන් ඕමානය පරදා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. තරඟාවලියේ 'ඒ'කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(12දා) පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය. ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7 ක් දැවී ලකුණු 160ක් රැස්කර ගත් හ. මොහොමඩ් හැරිස් ලකුණු 66ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කලේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 16.4 කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 67ක් පමණි.
පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී සයිම් ආයුබ්, සුෆියාන් මුඛීම් හා ෆහීම් අෂ්රෆ් අතරේ කඩුලු 2 බැගින් බිදී ගියේය. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ මොහොමඩ් හැරිස්ට හිමිවිය.
පාකිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 7ක් දැවී ලකුණු 160
මොහොමඩ් හැරිස් 66, සාහිබ්සාදා ෆර්හාන් 29, ෆාකර් සමාන් නොදැවී 23, ආමීර් ඛලීම් 3/31, ෂා ෆයිසාල් 3/34(පන්දුවාර 4)
ඕමානය පන්දුවාර 16.4 කදී සියල්ලන් දැවී ලකුණු 67
හමාද් මීර්සා 27, ආමීර් ඛලීම් 13, ෂකීල් අහ්මඩ් 10, සයිම් ආයුබ් 2/8 (පන්දුවාර 4), ෆහීම් අෂ්රෆ් 2/6(පන්දුවාර 4)