Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශයේ ලස්සන ක්‍රීඩාවට තවම තැනක්

ප්‍රංශයේ ලස්සන ක්‍රීඩාවට තවම තැනක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපයේ ප්‍රබලම රග්බි තරගාවලිය වන ‘හය කොන්’ රග්බි තරගාවලියේදී එංගලන්තය  සහ ප්‍රංශය අතර හෙට පැවැත්වීමට නියමිත තරගයේදී ප්‍රංශයේ ආක්‍රමණය කෙසේ වේද යන්න එඩී ජෝන්ස්ගේ එංගලන්ත පිල මනා වැටහීමකින් පසුවෙයි. වර්තමාන රග්බි ක්‍රීඩාව කොතෙක් දියුණු වූවත් ප්‍රංශයේ සාම්ප්‍රදායික ‘ලස්සන’ ක්‍රීඩාවට තවමත් තැනක් ඇතැයි එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් කියයි.

“එංගලන්ත කණ්ඩායම වඩාත් ශක්තිමත් වුණත් ඔවුන්ගේ ක්‍රීඩාව එච්චර ලස්සන නෑ. ප්‍රංශ කණ්ඩායම එහෙම නෙමේ. ඔවුන් ඉතාමත් අලංකාර ක්‍රීඩාවක නිරත වෙනවා.  ඒත් කොයි මොහොතේ අසාර්ථක වෙනවාද කියා කියන්න බෑ. හරි අවිශ්වාසයි” යයි එඩී ජෝන්ස් කීවේය.

පසුගිය සතියේදී ආරම්භ වූ හයකොන් රග්බි තරගාවලියේදී වේල්සය, ස්කොට්ලන්තය සහ එංගලන්තය ජයග්‍රහණ අත්කරගත් නමුත් අතිරේක ප්‍රසාද ලකුණ සමගින් ජයගැනීමට ස්කොට්ලන්තය මෙන්ම එංගලන්තයද සමත් වූහ. එබැවින් පළමු වටය නිමාවේදී ස්කොට්ලන්තය සහ එංගලන්තය පෙරමුණ ගෙන සිටිති.

වේල්සයට එරෙහිව පැවැති තරගයේ පළමු අර්ධය අවසානයේදී ප්‍රංශය ලකුණු 16-00 ක් ලෙසින් ඉදිරියෙන් සිටි අතර පළමු විනාඩි 40 දීම උපක්‍රමශීලිව වේල්සයට වඩා ඉදිරියෙන් සිටියේය. එහෙත් වේල්ස් ක්‍රීඩකයෝ කිසිවකු අපේක්‍ෂා නොකළ ආකාරයෙන් දෙවැනි අර්ධයේදි තරගයට කඩා වැදුණු බැවින් ප්‍රංශයට අනපේක්‍ෂිත පරාජයක් අත්විය.

එංගලන්ත පිල ආරම්භයේ සිටම තරගයේ පාලනය අතට ගෙන සිටිමින් ලකුණු 32-20 ක් ලෙසින් අයර්ලන්තය පරදවා පහසු ජයක් ලබාගත්හ.

මේ වසරේදී ජපානයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදීත් එංගලන්තය සහ ප්‍රංශය එකම කාණ්ඩයට ඇතුළත් වීමේ අවස්ථාවක් තිබේ. එහෙත් එඩී ජෝන්ස් කියන්නේ මේ ඉරිදා තරගය ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරුවක් නොවන බවයි.


මේ සති අන්තයේදී පැවැත්වෙන දෙවැනි වටයේ තරග
9 වැනිදා
■    ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර මරේෆීල්ඞ්හිදී
■    ඉතාලිය සහ වේල්සය අතර රෝමයේදී

10 වැනිදා
■    එංගලන්තය සහ ප්‍රංශය අතර ට්වීකන්හැම්හිදී


පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

ප්‍රංශයේ ලස්සන ක්‍රීඩාවට තවම තැනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.