Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පනහක පොකුරකින් ජය පසිඳුට

පනහක පොකුරකින් ජය පසිඳුට

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එකම (සමාන නිමි) කාලයකට තරගය නිමා කළ ක්‍රීඩකයන් 50 දෙනෙකු අතරින් යුද හමුදා ක්‍රීඩක පසිඳු තිසේරා 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ඊයේ (5) නිමාවට පත්වූ අදියරය – 3 තරගයේ ජය හිමි කර ගත්තේය. මෙම තරගය කඳුරුවෙල (පොළොන්නරුව) නගරයෙන් ඊයේ උදෑසන ආරම්භ වීමෙන් පසුව කිලෝ මීටර 125.7ක් ගෙවා ත්‍රිකුණාමලය වෙරළ තීරය අසළට ළඟාවීමෙන් නිමාවට පත්විය.

එහිදී ජයග්‍රාහී පසිඳු තිසේරා ඇතුළු 50 වැනි ස්ථානය දක්වා පැමිණි සියළු තරගකරුවන්ගේ සමාන නිමි කාලය වූයේ පැය 3 විනාඩි 2 තත්පර 08කි. ඊයේ තරගයට සහභාගි වූ තරගකරුවන් 85 දෙනාගෙන් 84 දෙනකුම ගමනාන්තයට ළඟාවීම කැපී පෙණුනු බව ප්‍රධාන අධීක්ෂණ නිලධාරි නලින් අධිකාරච්චිගේ මහතා පවසයි.

හබරණ – කන්තලේ - අභයපුර හරහා වැටී තිබූ තෙවැනි අදියර තරගයේ අතරමග ඉවත්වූ සෙසු තරගකරුවාද සිය පාපැදියේ හටගත් අබලන් තත්ත්වයන් හේතුවෙන් ඉවත්වූ බව වාර්තාවේ.

ගුවන් හමුදා පාපැදි සවාරියේ අද (6) දිනයේදී සිව් වැනි අදියර තරගය පැවැත්වේ. කිලෝමීටර 139.4ක අගයක් ගන්නා අද තරගය පෙරවරු 8.30 ට ත්‍රිකුණාමලයෙන් ආරම්භ වීමෙන් පසුව මොරවැව – හොරොව්පතාන – කහටගස්දිගිලිය, මිහින්තලේ - රඹෑව – මැදවච්චිය, පූනෑව – ඉරට්ටපෙරියකුලම් හරහා වවුනියාව ගුවන් හමුදා කඳවුරු සංකීර්ණය අසළින් නිමාවට පත්වේ.

ඊයේ අදියර – 3 තරගයේ ධාවකයන්ගේ සාමාන්‍ය වේගය කිලෝමීටර් 41.42 ක අගයක් ගත්තේය. දින තුනක සමස්ත තරග ප්‍රතිඵලයට අනුව ඒ වන විට පෙරමුණ ගෙන සිටියේ තත්තරපයක වෙනසකින් පළමු අදියර (කොළඹ සිට ගන්නෝරුව දක්වා - කිලෝමීටර 104.3) තරගය ජය ගත් ගුවන් හමුදා ක්‍රීඩක නදීෂ ඒෂාන්ය. ඔහුට ඊයේ වන විට තත්පර පහක වාසියක් හිමිව තිබුණි.

 

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ අදියර -3 (කඳුරුවෙල සිට ත්‍රිකුණාමලය දක්වා - කිලෝ මීටර 125.7) තරගයේ 10 වැනි ස්ථානය දක්වා තරග ප්‍රතිඵල

1. පසිඳු තිසේරා (යුද හමුදාව – පැය 3 විනාඩි 02.08), 2. සංජු දිමන්ත (ගුවන් හමුදාව- 3.02.08), 3. ෂෙනාල් චමෝද් (පොලිස්- 3.02.08), 4. ක්‍රිෂ්ණා නායකොඩි (ඉන්දීය ගුවන් හමුදාව- 3.02.08), 5. ජනක කුමාර (නාවික හමුදාව – 3.02.08), 6. සචින්ත පියුමාල් (පොලිස්- 3.02.08), 7. අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව- 3.02.08), 8. ප්‍රභාෂ් සිල්වා (නාවික හමුදාව- 3.02.08), 9. ජීවන් ජයසිංහ (ස්ටෙෆනෙල්ලි 3.02.08), 10. සුරේෂ් ප්‍රසංග (නාවික හමුදාව- 3.02.08)

 

අදියර තුනක තරග නිමාවේ සමස්ත ප්‍රතිඵලයට අනුව (ඊයේ දිනය නිමාවේදී) මුළු දුර කිලෝමීටර 367.2) 10 වැනි ස්ථානය දක්වා ප්‍රතිඵල

1. නදීෂ ඒෂාන් (ගුවන් හමුදාව- පැය 8 විනාඩි 51 තත්පර 33), 2. සඳරුවන් පින්තෝ (යුද හමුදාව- 8.51.35), 3. රොවිඳු නමුදිත සොයිසා (දෙහිවල- ගල්කිස්ස 8.51.39), 4. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව- 8.51.42), 5. සුරංග රණවීර (දෙහිවල- ගල්කිස්ස 8.51.43), 6. තුෂාන් දයානන්දන (යුද හමුදාව- 8.51.43), 7. බුද්ධික වර්ණකුලසූරිය (8.51.51), 8. පසිඳු තිසේරා (යුද හමුදාව- 8.51.52), 9. ප්‍රභාෂ් සිල්වා (8.52.10), 10. විරාත් රමේෂ් (වරාය අධිකාරිය 8.52.16).

තෙවැනි අදියර අවසන් වන විට කඳු තරණයේ ශූරතාව - 1. රොවිඳු නමුදිත සොයිසා (දෙහිවල- ගල්කිස්ස- ලකුණු 20), 2. සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස- 09), 3. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව- 05)

තෙවැනි අදියර අවසන් වන විට වේගවත්ම (ස්ප්‍රින්ට්) ශූරතාව:- 1. පසිඳු තිසේරා (යුද හමුදාව- ලකුණු 32), 2. සංජු දීමන්ත (ගුවන් හමුදාව- 16), 3. නදීෂ ඒෂාන් (ගුවන් හමුදාව- 10)

තෙවැනි දියර අවසන් වන විට කණ්ඩායම් ශූරතාව:- යුද හමුදා කණ්ඩායම (පසිඳු තිසේරා- අවිශ්ක මැඩොන්සා - නිර්මල ප්‍රනාන්දු- පැය 7 විනාඩි 59 තත්පර 00), 2. ගුවන් හමුදා කණ්ඩායම (සංජු දීමන්ත- දේෂාන් කවින්ත- නදිෂ ඒෂාන් 7.59.50) දෙහිවල- ගල්කිස්ස කණ්ඩායම (ප්‍රියන්ත විජේසිංහ- හරිඳු අචින්ත මීමනගේ - ගිහාන් ලක්මාල්- 7.59.50)

 

 


අදහස් (0)

පනහක පොකුරකින් ජය පසිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.