Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිහඬ මහේල, නිවුණු සංගා පියස්ස සොයා යති

නිහඬ මහේල, නිවුණු සංගා පියස්ස සොයා යති

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

එක හා සමාන යයි පෙනෙන නමුත් ඔවුහු එකිනෙකාට ඉතා වෙනස් පුද්ගලයෝ වෙති. අවසන් වතාවට ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගැන මට සිතන්නේ එලෙසිනි.

දීර්ඝකාලීන මිත‍්‍රත්වය හැරුණු කොට ඔවුන් අතර මෙපමණ සහයෝගිතාවක් ඇතිවීමට බලපෑ ප‍්‍රධාන කාරණාවක් වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුය. එමෙන්ම ඔවුන් දෙදෙනාම තමන්ගේ රට වෙනුවෙන් උපරිම අයුරින් කී‍්‍රඩා කිරීමට තදබල කැමැත්තකින් පසුවෙති.

ඔවුන් දෙදෙනාටම මේ සූදානම් වන්නේ මෙම අගනා කී‍්‍රඩාවේ ශ්‍රේෂ්ඨයන් ලෙස සිය තරග දිවියට සමුදීමටය.

කෙසේ වුවත්, ඇත්ත ඇති සැටියේ බලන විට, මේ දෙදෙනාම එකිනෙකට වෙනස් මාර්ග ඔස්සේ ඉහළට පැමිණි කී‍්‍රඩකයන්ය. ඔවුන් දෙදෙනාම, ඔවුන්ටම ආවේනික අයුරින්, එකිනෙකට වෙනස් ප‍්‍රවේශයකින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නමක් දිනා ගත්හ.

මහේලගේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඔප් නැංවුණේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මෙන්ම කොළඹ කී‍්‍රඩකයන්ගේ දස්කම් මතු කරන  සිංහල කී‍්‍රඩා සමාජයෙනි. ඔහු යොවුන් වියේදීම විශේෂිත හැකියාවන් විදහා දැක්වූ කී‍්‍රඩකයකු විය.

තරුණ මහේලගේ දස්කම් දුටු අර්ජුන රණතුංග ඉක්මනින්ම ඔහු තම සෙවණට ගෙන ඔහුට වේලාසනින්ම හැකියාවන් එළි දැක්වීමේ අවස්ථාව ලබා දුන්නේය.

මහේල අවධානයට ලක්වූ ඉනිම වන්නේ 1999 ජනවාරියේ ඇඩිලේඞ්  ඕවල් පිටියේ දී එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 120 යි. එම තරගයද මා නිපන්දු යැවීමේ හා පන්දුව දමා ගැසීමේ චෝදනාවට හසුවූ අවස්ථාවක් ලෙස වැඩි අවධානයක් යොමුවී තිබුණත් ඇත්තෙන්ම එදා මහේලගේ ඉනිම ඔහු තරුවක් බවට පත්වීමේ පෙරනිමිති පහළ කළ එකක් විය.

එසේ වූවත් ඔහුගේ කි‍්‍රකට් දිවිය සැහැල්ලූවෙන් ගලා ගිය එකක් නොවේ. සිය කි‍්‍රකට් ජීවිතයේ ආරම්භයේදීම ඔහු දුෂ්කරතාවට මුහුණ දුන්නේය. විශේෂයෙන්ම දෝලනය වන සහ ඉහළට ඉපිළෙන පන්දුවලට මුහුණදීමට ඔහුට බලවත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී තිබිණි.

ඒවා නිවැරදි කරගැනීමට ඔහුට කෙටි කාලයක් ගත වූවත් ඔහු කී‍්‍රඩාවන් විශ‍්‍රාම ගැනීමට පෙර වාර්තාපොත අලූත් කිරීමට සමත්වන තරමටම සිය කි‍්‍රකට් තාක්ෂණය ඉතා සාර්ථක කරගත් බවනම් නොකියාම බැරිය.

මගේ අත්දැකීම් අනුව මහේල කිසිදිනෙක කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයේ වැඩිපුර කතාබහ කළේ නැත. ඔහු නිතරම තමන්ගේ වැඩක් කරමින් පාඩුවේ සිටියේය. එහෙත් ඔහු කතා කිරිමට පටන් ගත් විට සියලූදෙනාගේ අවධානය ඔහු වෙත යොමුවෙයි. ඒ ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ තීක්ෂණ දැක්මක් සහිතව, කී‍්‍රඩාවේ ස්වභාවය පිළිබඳ නිතර කතාබහ කරන නිසාවෙනි.

මහේල විසින් රැස් කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව හැරුණු කොට, මට නම් ඔහු කඩුල්ල අසළින්ම පන්දු රැුකීමේ නිරතවීම මහත් සතුටට කාරණයකි. වෙනත් කිසිදු පන්දු රකින්නකුට වඩා ඔහු මගේ පන්දුවලින් උඩපන්දු රැකගෙන තිබේ. එය ගණනින් 77 කි. මහේල නැතිනම් මගේ පන්දු යැවීමේ වාර්තාව මීට වඩා තරමක් පහළ මට්ටමක රැඳීමට ඉඩ තිබිණි.

මහේලගේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඔප්නැංවුණේ ඔහු ඉතා කැපවීමෙන් කටයුතු කළ නිසාවෙනි. එසේ කැපවීමෙන් කටයුතු නොකළේ නම් ඔහුට මෙම කී‍්‍රඩාවේ ඉහළටම පැමිණෙන්නට ඉඩ නොලැබෙනු ඇත.  ඒ අතරම ඔහු තම සහජ හැකියාව කෙරෙහිද අචල විශ්වාසයෙන් කටයුතු කළේය.

පන්දුවට පහර දෙන අවස්ථාවකදී කී‍්‍රඩා පිටියේ  ඕනෑම තැනකට පන්දුව යැවීමට තරම් මහේලගේ දෑත් කඩිසරය. ඔහු ලකුණු අතරට පැමිණීමෙන් අනතුරුව ඔහුට එරෙහිව පිටිය සකස් කිරිමද ඉතා අසීරු කරුණකි.

ඒ අතින් බැලූ විට සංගාට ආරම්භයේ දී එපමණ සහජ හැකියාවක් තිබුණේ නැත. ඔහු සිය හැකියාවන් රැසක් මුවහත් කරගත්තේ ඉතා කැපවීමෙන් කළ පුහුණුවීම්වලිනි.

සංගාත්, මාත්, මහනුවර තරුණයන් වීම නිසා යොවුන් වියේ සිටම සංගාගේ කී‍්‍රඩා ජීවිතයට සම්බන්ධවීමට හැකිවීම එක්තරා ආකාරයකින් මා ලද ගෞරවයකි. කුඩා වියේ දී අප දෙදෙනාගේම පුහුණුකරු වූයේ සුනිල් ප‍්‍රනාන්දු මහතාය. මා 13 හැවිරිදි වියේදී හෝ 14 හැවිරිදි වියේදී පමණ සංගාට පන්දුයවා තිබේ.

ඒ වනවිට සංගාට අවුරුදු 10ක් පමණ වන්නට ඇත. ඔහු කෙදිනක හෝ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මෙතරම් දුරක් යන බවක් ඒ මොහොතේ මට දැනුණාදැයි ඔබ ඇසුවොත් කිසිදු පැකිලීමකින් තොරවම මගේ පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි.

සංගා මහත් කැපවීමකින් යුතුව ඉදිරියට පැමිණි කී‍්‍රඩකයෙකි. එය ඔහුගේ පියා විසින් ඔහු වෙත ආරෝපණය කරන ලද්දකි. ඒ කැපවීම ඔහු වර්තමානය දක්වා එක ලෙසින්ම පවත්වාගනිමින් සිටී.

ඕනෑම පුහුණු සැසියකදී පන්දු සිය ගණනකට වුවත් පහරදීම ඔහුට අපහසු හෝ ඔහු අකමැති දෙයක් නොවිය. යම් නිශ්චිත පහරක් පරිපූර්ණත්වයට පත්කරගන්නා තුරුම සංගක්කාර එය ලූහුබැඳ යයි.

ඔබ ඔහුගේ ගමන්මඟ දෙස බැලූවිට අවබෝධ කරගත හැකි කරුණ වන්නේ ‘මහන්සිවී පුහුණුවෙන්න.. පහසුවෙන් ජයගන්න’ යන්නය. අප‍්‍රමාණවූ පන්දු සංඛ්‍යාවකට මුහුණදීමට තරම් කැපවීමක් සංගාට තිබීමෙන් පෙනෙන්නේ ඔහුට ඇති තරම් පන්දු යැවිය හැකි පන්දු යවන්නකු සොයාගැනීමට පුහුණුකරුවකුට තිබෙන දුෂ්කරතාවයයි.

ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාවක් (12) ලබා  සිටින පිතිකරුවා වන්නේ මෙතෙක් බිහිවූ අසහාය පිතිකරුවා ලෙසින් සැලකෙන ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ය. මේ වන විට ද්විත්ව ශතක 11ක් ලබා සිටින සංගා ඉතා අලංකාර ලෙසින් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ වාර්තාවට ළඟාවෙමින් සිටින බව පෙනේ.

මහේල මෙන් නොව සංගා මුල් කාලයේදී තරමක් දඩබ්බර චරිතයක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. එමෙන්ම තම ප‍්‍රතිවාදීන් සමග හැප්පීමටද සංගා බිය වූයේද නැත.

2001 වසරේ ශී‍්‍ර ලංකාවේ පැවැති ටෙස්ට් තරගමාලාවක් අතරතුර ඔහු සහ මයිකල් ඇතර්ටන් අතර ගැටුමක් ඇතිවීම මට තවමත් මතකය.

ඇතර්ටන් වැනි දශකයකටත් වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ඇති කී‍්‍රඩකයකු හමුවේ වූවත් සංගා අඩියක්වත් පස්සට ගත්තේ නැත.
දැන් ඔහු නිවුණු පුද්ගලයෙකි.

සංගාද මහේල වැනිම කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ තීක්ෂණ දැක්මක් ඇත්තෙකි. එමෙන්ම ඔහු ගන්නා  ඕනෑම තීරණයකට යම්කිසි හේතුවක් තිබේ.

ටෙස්ට් කි‍්‍රකට් තරගවලදී කඩුලූ රැුකීම අත්හැරීමට සංගා ගත් තීරණය පිළිබඳ ඇතැම්හු පුදුමයට පත්වූහ. එහෙත් ඔහුට අවශ්‍යවී තිබුණේ තම පිතිහරඹය ගැන සම්පූර්ණයෙන්ම සිත යොමුකිරීමටය.  කඩුලූ රැුකීමේ වගකීමෙන් මිදුණාට පසුව සංගා ටෙස්ට් තරග 82 කට වැඩි සංඛ්‍යාවක දී සිය ලකුණු ලැබීමේ සාමාන්‍යය 69.35 තරම් විස්මිත තත්ත්වයකට පත් කරගත්තේය.  ඔහු නූතන යුගයේ පමණක් නොව සෑම යුගයකම ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා බවට පත්වූයේ එලෙසිනි.

එතෙක් මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවන්ගේ ලැයිස්තුවේ මේ පිතිකරුවන් දෙදෙනාගේ ස්ථාන කෙසේ විය යුතුද? මට කිව හැක්කේ මා දැක තිබෙන කී‍්‍රඩකයන් ගැන පමණි.

මේ දෙදෙනාම, අරවින්ද ද සිල්වා සමග එකම තලයක තැබිය හැකිය. මට ඔවුන් දෙදෙනාට ලබා දිය හැකි ඉහළම තැන එයයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පෙළ ගැස්මට ගමන් මග නිර්මාණය කළ අරවින්ද ද සිල්වා සිය කි‍්‍රකට් දිවිය තුළ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉටු කළේ අමිල මෙහෙවරකි. ඔහුගේ කී‍්‍රඩා කෞෂල්‍යය මැනිය හැකි අන්දමේ ඉනිම දෙකක්ම 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී හා අවසන් මහා තරගයේ දී අරවින්ද ප‍්‍රදර්ශනය කළේය.

දැන් ප‍්‍රශ්නය වන්නේ මහේල හා සංගාටත් ඒ හා සමාන ඉනිම කී‍්‍රඩා කරමින් ඔවුන් දෙදෙනාගේ කී‍්‍රඩා දිවියට පරිපූර්ණ ලෙස නැවතීමේ තිත තැබිය හැකිද යන්නයි. විස්සයි:20 අවසන් මහ තරගයේදී කළාක් මෙන් මෙවරත් එය කළ හැකි වුවහොත් මහේල හා සංගාගේ අලංකාර කී‍්‍රඩා දිවියේ පියස්ස එය වනු ඇත.

සැබැවින්ම මහේල මීට පෙරත් එවැනි ඉනිමක් කී‍්‍රඩා කළේය. ඒ මීට වසර 4කට පෙර පැවැති ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයේ දී නොදැවී ලකුණු 103 ක් ලබා ගනිමිනි. නමුත් මහේන්ද්‍ර සිං දෝනි සහ ඔහුගේ ඉන්දීය කණ්ඩායම ලෝක ශුරයන් බවට පත්වීමෙන් එම විශිෂ්ට ඉනිම ඉතා කණගාටුදායක ලෙස යටපත්වී ගියේය.

මේ පිතිකරුවන් දෙදෙනාම දැනටමත් ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨයන් බවට පත්වී හමාරය. නමුත් සිය කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම දැකීමටත්, එහිදී ශූරතාව අත්කරගත හැකි අන්දමේ ඉනිමක් කී‍්‍රඩා කිරීමටත් ඔවුන්ට හැකිවුවහොත් එම ශ්‍රේෂ්ඨත්වය වඩාත් දීප්තිමත් ආකාරයෙන් ඔප්නැංවෙනු නිසැකය.

ශී‍්‍ර ලංකාවේ දී මෙන්ම ජාත්‍යන්තරයේදීත් මහේල හා සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවේ සැබෑ වීරයෝ වෙති. ඒ ගැන විවාදයක් නැත්තේමය.

කී‍්‍රඩකයෝ ඇතිවී නැතිවී යති. එහෙත් ශ්‍රේෂ්ඨයෝ සැමදා බිහි නොවෙත්. මහේල සහ සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නේ කිසිදිනෙක පිරවීමට නොහැකි හිදැසක්ද ඉතිරි කරමිනි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි


අදහස් (4)

නිහඬ මහේල, නිවුණු සංගා පියස්ස සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.