
(ශානුක අරවින්ද)
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. සිදුවීමට අදාලව හෙට දිනයේදී (7 වැනිදා) ඔහු අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
අධිකරණයේ ක්‍රියාදාමයන් සමීපව නිරීක්ෂණය කරන බවද, අන්තර් ජාතික ක්‍රිකට් සභාව සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහිදී වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.