Last Update  :  2025-07-08 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් - චාමික යළි කැඳවති
විස්සයි-20 තරගාවලිය

දසුන් - චාමික යළි කැඳවති

editorial - 2025 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන දසුන් ශානක යළි කැඳවා තිබේ. දසුන් ශානක සමගින් තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නත් 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට යළි කැඳවා තිබේ. 

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම පසුගිය කාලයේදී විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දඬුවම් වලට ලක්ව සිටි දෙදෙනෙකි. එහෙත් ඔවුන් කණ්ඩායමෙන් ඉවතට වීසි වූයේ විනය විරෝධී ක්‍රියාවන්ට වඩා දස්කම් හීන වීම හේතුවෙනි. 

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ වසරක කාලයකට පසුවය. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දීය පිලට එරෙහිව පල්ලෙකැළේදී පැවැති විස්සයි-20 තරගයේදීය. කෙසේ වෙතත් දසුන් මෙවර කණ්ඩායමට කැඳවා ඇත්තේ පිතිකරුවකු ලෙසිනි. 

චාමික කරුණාරත්න අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ වසර දෙකකට ඉහතදීය. ඔහු 2023 අප්‍රේල් 02 වැනිදා, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අවසන් වරට ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳ සිටියේය. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය මේ මස 10 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වෙයි. දෙවැනි තරගය 13 වැනිදා දඹුල්ලේදීත් තුන්වැනි තරගය 16 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග


අදහස් (0)

දසුන් - චාමික යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.