Last Update  :  2025-06-30 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන්වැනි එක්දින තරගයෙන් මහේල ඉවත්වෙයි

තුන්වැනි එක්දින තරගයෙන් මහේල ඉවත්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තයට එරෙහිව හෙට (3 වැනිදා) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට සහභාගී නොවීමට මහේල ජයවර්ධන කළ ඉල්ලීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරය ලැබී තිබේ.

පෞද්ගලික හේතුවක් මත මෙම තරගයට සහභාගි නොවීමට මහේල ජයවර්ධන ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මහේලගේ ස්ථානයට කී‍්‍රඩා කිරීම සඳහා අශාන් පි‍්‍රයන්ජන් නම් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඉකුත් මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරග 3 ට කී‍්‍රඩා කළ පි‍්‍රයන්ජන් එහිදී දැඩි ලෙස අසාර්ථක විය. එම තරග තුනේදී පි‍්‍රයන්ජන්ට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් සහ කඩුල්ලක් පමණි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරග 2 න්ම ජය ලැබූ ශ්‍රී ලංකා පිල, තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.  

පළමු සහ දෙවැනි තරග දෙකේදී පිළිවෙලින් ලකුණු 55 ක් සහ නොදැවී ලකුණු 77 ක් රැස්කිරීමට මහේල සමත්විය.

036

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (1)

තුන්වැනි එක්දින තරගයෙන් මහේල ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.