
(ෂේන් සෙනෙවිරත්න)
අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර 107 වැනි මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ත්‍රිත්ව විදුහල ලකුණු 98 ක් ඉදිරියෙන් සිටිමින් ප්‍රබල තත්ත්වයක පසුවිය. ‘කන්ද උඩරට නිල් මහ සටන‘ නමින් විරුදාවලියලත් මෙම තරගයේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ආදම් හිල්මි (125) ත්‍රිත්ව පිල වෙනුවෙන් අගනා පිතිරඹයක නිරත වෙමින් ගතකයක් වාර්තා කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව නායකයා පන්දුවට පහර දෙන ලෙස ශාන්ත අන්තෝනි කණ්ඩායමට ආරාධනා කළ අතර පළමුව පන්දුවට පහර දුන් ශාන්ත අන්තෝනි පිතිකරුවෝ ඕවර 57.3 ක් තුළදි සියලු දෙනා දැවී ලකුණු 157 ක් රැස් කළහ.
අන්තෝනි පිල වෙනුවෙන් පියල් හේමක අගනා අර්ධ ශතකයක් (63) නොදැවී ලබා ගනිමින් තම පිලේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත් විය. පන්දු යවීමේදී ත්‍රිත්ව පිලේ කනිල්ක ඇන්තනි ලකුණු 54 කට කඩුලු 04 ක් බිඳ හෙළීමට සමත් විය.
ඊට පිළිතුරු ලෙසින් පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ත්‍රිත්ව පිති කරුවෝ සියලු දෙනා දැවී ලකුණු 264 ක් ලබාගත්හ. දමිත මහාවිතාන (54) අර්ධ ශතකයක් ලබාගත්තේය.
ශාන්ත අන්තෝනි පිල දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටියදී සවස 4.45 ට පමණ ධාරානිපාත වර්ෂාවක් ක්‍රීඩා පිටියට ඇද හැලීම හේතුවෙන් තරග නතර කිරීමට සිදුවිය.
ශාන්ත අන්තෝනි විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 157
(සිසිල් හේමක නොදැවී 64, දිනුල් විජේසිංහ 15, කෞෂික කුමාරසිංහ 44, දසුන් වැලිඅංග 10, චනිඳු සේනාරත්න 30/2, කනිල්ක ඇන්තනී 54/4, දිනිත සිරිවර්ධන 09/2)
ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 264
(දමිත මහවිතාන 54, ආදම් හිල්මි 125, චනිරු සේනාරත්න 10, සෙත්මික සෙනෙවිරත්න 29, විදුනෙත් ධම්මගේ 15) කවිෂ සමරතුංග 55/3, සිසල් හේමක 41/3)
ශාන්ත අන්තෝනි දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 09 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.